Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
‘යුක්තිය’ මෙහෙයුමට පෞද්ගලික න්‍යාය පත්‍රයක් නොමැති බවත්, එය ක්‍රියාත්මක වන්නේ පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පමණක් බවත් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පැවැසීය.
පසුගිය වසරේ දෙසැම්බර් 17 වැනිදා ආරම්භ කළ යුක්තිය මෙහෙයුමේ ප්‍රතිඵලයක් ලෙස, පුද්ගලයන් 40,000කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත.
අපරාධකරුවන් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව ක්‍රියාත්මක වන මෙම මර්දන ක්‍රියාවලියේදී සිදුවිය හැකි මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු සංවිධාන කිහිපයකින් විවේචන එල්ල වෙමින් පවතී.
මෙහෙයුම අතරතුර අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් සහ නියමිත ක්‍රියාවලිය උල්ලංඝණය කිරීම් පිළිබඳව එක්සත් ජාතීන් සහ අයිතිවාසිකම් කණ්ඩායම් කනස්සල්ල පළකර ඇත.
මෙහෙයුම දියත් කළ පළමු මාසයේ සිට මේ දක්වා රට පුරා අපරාධවලින් 17% ක අඩුවීමක් දක්නට ලැබෙන බව වැඩබලන පොලිස්පතිවරයා පවසයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු සංවිධානවලින් එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත්, රටේ මත්ද්‍රව්‍ය ජාවාරම් ජාලය බිඳදැමීමේ තම අවසාන අරමුණ ඉටුවන තුරු මෙම මෙහෙයුම අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත් ඔහු වැඩිදුරටත් සදහන් කරයි.
මේ පිළිබදව අදහස් දක්වමින් වැඩබලන පොලිස්පතිවරයා මෙසේද පවසයි.
“පාතාලය සහ ජාවාරම්කරුවන් සමග අපට පෞද්ගලික න්‍යාය පත්‍රයක් නැහැ. අපේ එකම ඉලක්කය පොදුවේ පාතාලය තුරන්කිරීම පමණක් වන අතර අපට කිසිවෙක් සමඟ පෞද්ගලික ප්‍රශ්න නැහැ. පාතාලයට සහ මත්ද්‍රව්‍යවලට සම්බන්ධ සෑම සාමාජිකයෙක්ම අපගේ සතුරන්”
“අපි නිකම්ම මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගන්නේ නැහැ. ඔවුන්ගේ වත්කම් සහ දේපළ රාජසන්තක කරනවා. රුපියල් මිලියන ගණනක වත්කම් සහ දේපළ දැනටමත් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම ක්‍රියාව අපරාධකරුවන්ට ප්‍රබල පණිවිඩයක් දෙනවා”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart