
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මැලේසියාවේ ෂා අලාම් හි ඉදිකිරීම් ද්‍රව්‍ය ගබඩා ස්ථානයක ඇති වූ ගංවතුර තත්ත්වයක් අතරතුර විදුලි සැර වැදී මිය ගොස් ඇති බවට සැක කෙරෙන ශ්‍රී ලාංකිකයකු හමු වී තිබේ.
ඔහු අසල ඒ අයුරින්ම මියගොස් සිටි බල්ලකු ද හමු වී ඇත.
මැලේසියානු ප්‍රවෘත්ති නාලිකාවක් වන ඇස්ට්‍රෝ අවනි වාර්තා කළේ මියගොස් සිටින පුද්ගලයා 27 හැවිරිදි අයකු බව ෂා අලාම් ප්‍රදේශය භාර පොලිස් ප්‍රධානී මොහොමඩ් ඉක්බාල් ඉබ්‍රහිම් පැවසූ බවයි.
“මූලික පරීක්ෂණවලින් හෙළි වූයේ එම පරිශ්‍රය වින්දිතයා නිවස ලෙසින්ද තබාගෙන ඇති බවයි. විදුලි සැර වැදී ඇති බවට විශ්වාස කෙරෙන බල්ලකු ද වින්දිතයා අසල මියගොස් සිටියදී සොයා ගැනුණා,” යනුවෙන් ඔහු ප්‍රකාශ කර ඇත.
මොහොමඩ් ඉක්බාල් පැවසුවේ මළ සිරුර වෙත ළඟා වී පරීක්ෂණ පැවැත්වීමට පෙර ප්‍රදේශයේ විදුලිය විසන්ධි කරන තෙක් පොලිසියට බලා සිටීමට සිදු වූ බවයි.
“වින්දිතයාගේ මළ සිරුරේ ගැටුමකින් ඇති වූ තුවාල හෝ වෙනත් තුවාල සලකුණු හමු වුණේ නැහැ. දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රෝහලට යවා තිබෙනවා ” යනුවෙන් ඔහු පැවසීය.
මෙම සිද්ධිය හදිසි අනතුරක් ලෙස වර්ගීකරණය කර ඇති බව ද මාධ්‍ය වාර්තාවේ සඳහන් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart