March 13, 2025

අඟුණුකොළපැලැස්ස, කිරියගොඩැල්ල හන්දියේ ගුවන් පාලමක් යට තිබී 23 හැවිරිදි තරුණයෙකුගේ මළසිරුරක් සොයාගෙන ඇත.

තරුණයා ඝාතනය කර ඔහුගේ සිරුර ගුවන් පාලමෙන් දමාගොස් ඇති බවට පොලිසිය සැකකරයි.

මියගිය පුද්ගලයා අබේසිංහ විජේනායක සංදීප ලක්ෂාන් ලෙස හඳුනාගෙන ඇත.

මළසිරුර තිබූ ස්ථානය අසල තිබී ඔහුගේ යතුරුපැදිය ද පොලිසිය විසින් සොයාගන්නා ලදී.

සිද්ධිය සම්බන්ධයෙන් අඟුණුකොළපැලැස්ස පොලිසිය පරීක්ෂණ පවත්වයි.