November 6, 2024

බදුල්ල ප්‍රදේශයේ පදිංචි තරුණයකු පැහැරගෙන ගොස් ඔහු සතු මුදල් සහ රන් භාණ්ඩ පැහැරගත් උපපොලිස් පරීක්ෂකවරයකු සහ පොලිස් සැරයන්වරයකු සමඟ ව්‍යාපාරිකයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලිවේරිය පොලිසියට අනියුක්තව රාජකාරී කරන උපපොලිස් පරීක්ෂකවරයකු සහ පොලිස් සැරයන්වරයකු බව වාර්තා වේ.

2021 වර්ෂයේ මෙම පුද්ගලයන් ගම්පහ පොලිසිය රාජකාරී කරමින් සිටියදී පුද්ගලයෙකු පැහැරගෙන විවිධ ස්ථානවලට රැගෙන ගොස් ඔහු සතු මුදල් හා රන් භාණ්ඩ ඇතුළු දේපළ කොල්ලකා ගංජා කිලෝග්‍රෑම් දෙකයි ග්‍රෑම් 250 ක් යොදා අත්අඩංගුවට ගෙන තිබුණා.එම සම්බන්ධව අත්අඩංගුවට ගත් පුද්ගලයා සිදුකළ පැමිණිල්ලක් මත දීර්ඝ විමර්ශනයකින් අනතුරුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.

42.31%
17.27%
32.76%