April 12, 2025

හබරණ – ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ හබරණ ප්‍රදේශයේදී ධාවනය වෙමින් තිබූ මගී බස් රථයකින් ඇද වැටී 27 හැවිරිදි පුද්ගලයකු මියගොස් තිබේ.

ඊයේ දහවල් ත්‍රිකුණාමලයේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බස් රථය හබරණ නගර ප්‍රදේශය හරහා ගමන් කරන අතරතුර මෙම අනතුර සිදුව ඇත.

තරුණයා බස් රථයේ ඉදිරිපස දොරෙන් වැටී ඇති බව වාර්තා වේ.

බරපතළ තුවාල සහිතව ඔහු හබරණ රෝහලට ඇතුළත් කළ නමුත් ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇත.

මියගිය පුද්ගලයා බෝධිවෙල, රිකිල්ලගස්කඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු ලෙස හඳුනාගෙන ඇත.

මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පොළොන්නරුව රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත.

මේ අතර, බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, වැඩිදුර පරීක්ෂණ හබරණ පොලිසිය විසින් සිදු කරනු ලැබේ.