Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දේපළ ආරවුලක් දුරදිග යෑමෙන් සහෝදරයා විසින් කඹුරුපිටිය දික්වැල්ල විජිත විදුහලේ ඉංග්‍රීසි ගුරුවරියක වූ තම නැඟණියට පිහියකින් ඇන යකඩ මල් පෝච්චියකින් හිසට පහර දී ඝාතනය කර ඇතැයි කඹුරුපිටිය පොලිසිය පවසයි.
ඊයේ (31 වැනිදා) අලුයම 3.00ට පමණ සිදුවූ මෙම සිද්ධියේදී ඝාතනයට ලක්ව ඇත්තේ කඹුරුපිටිය, මාතර පාරේ පදිංචිව සිටි රජගල්ගොඩගමගේ අයේෂා නිශාමනි නමැති 33 හැවිරිදි අවිවාහක තරුණියක බවත්, ඇය කඹුරුපිටිය නගරයේ ප්‍රසිද්ධ ඉංග්‍රීසි උපකාරක පන්තියක ගුරුවරියක බවත් පොලිසියේ උසස් නිලධාරියෙක් ‘දිවයින’ට පවසා ඇත.
ඝාතනයට ලක්වූ ගුරුවරියට වැඩිමල් සොයුරියක හා වැඩිමල් සොයුරකු සිටින බවත්, ඇගේ පියා ජීවතුන් අතර නොමැති බවත් එම නිලධාරියා පවසා තිබේ.
ඝාතනයට ලක්වූ ගුරුවරියගේ වැඩිමල් සොයුරිය විවාහ වී මාතර වෙනම පදිංචිව සිටින බවත්, මැය තම මව හා අවිවාහක වැඩිමල් සොහොයුරා සමග ඝාතන සිද්ධිය වූ නිවසේ පදිංචිව සිට ඇති බවත් හෙළි වී ඇත.
නිවසේ දේපළ සම්බන්ධයෙන් මොවුන් අතර නිතර බහින්බස්වීම් සිදුව ඇතැයි හෙළි වූ බවද එම නිලධාරියා හෙළිකර තිබේ.
අදාළ ඝාතනය තමා සිදුකළ බවට හැඟවෙන ලෙසට මව ලිපියක් ලියා තිබූ බවත්, සිය දියණිය ඝාතනයට ලක්වීමෙන් පසු ඇය දියවැඩියාවට භාවිත කරන ඖෂධයක් අධික ලෙස පානය කිරීම හේතුවෙන් නිවස තුළ සිහිසුන්ව ඇදවැටී සිටිය දී කඹුරුපිටිය ආඳපාන මූලික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් බවත් පොලිසිය කියයි.
ඝාතනයට ලක් වූ ගුරුවරිය ද නිවසේ සාලයේ මුනින් අතට වැටී සිටි බවත්, ඇගේ හිසට යකඩ මල් පෝච්චියකින් පහරදී තිබූ බවත්, පිහියෙන් පපු ප්‍රදේශයට ඇන තිබූ බවත්, ඝාතනයට යොදාගත් පිහිය සාලයේ පුටුවක් මත තිබී හමු වූ බවත් නිලධාරියා පවසයි.
අසල්වැසියන් ලබාදුන් තොරතුරකට අනුව එම නිවසට පැමිණි පොලිස් නිලධාරීන් මව සාලයේ තවත් තැනකත් සිටිනු දැක තිබේ.
මව හුස්ම ගන්න ආකාරය දැක ඇති පොලිස් නිලධාරීහු එම මවව රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇත.
දුවව ඝාතනය කළේ තමා බවට එම මව ලිපියේ සඳහන් කර තිබුණ ද එම නිවසේ සිටි ඝාතනයට ලක් වූ ගුරුවරියගේ 36 හැවිරිදි වැඩිමල් සොහොයුරා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකාර පුද්ගලයාගෙන් ( ඝාතනයට ලක්වූ ගුරුවරියගේ වැඩිමල් සොයොයුරා) දීර්ඝ ලෙස පොලිසිය ඊයේ සවස් වනතුරුත් ප්‍රකාශ සටහන් කර ගනිමින් තිබේ.
රෝහල්ගතකර සිටින මවගේ තත්වය බරපතළ නොවන බවද පොලිසිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart