51.99%
17.7%
23.19%
September 6, 2023

ප්‍රාථමික බැඳුම්කර ගනුදෙනුකරුවන්ගෙන් බදු අයකිරීමේ යෝජනාවක් ඇතුළු විස්මයන් 2024 අයවැය තුළ ඇති වනු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ණය ප්‍රශස්ත කිරීමේ ක්‍රියාවලියට සහභාගී වීමට තීරණය නොකළහොත් සියයට 30ක බද්දක් අයකර සේවක අර්ථසාධක අරමුදලේ හිමිකරුවන් අනතුරේ හෙළීමට රජය කටයුතු කරන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කළ චෝදනාවට පිළිතුරු දෙමිනි.

“අපි ඉදිරි අයවැය හරහා ප්‍රාථමික බැඳුම්කර ගනුදෙනුකරුවන්ගෙන් බදු අය කරනවා. 2025 අයවැයෙන් ඔබට විස්මයන් දකින්න පුළුවන් වේවි” යැයි ජනාධිපතිවරයා පැවැසීය.

එමෙන්ම, සේවක අර්ථසාධක අරමුදලෙන් සියයට 30ක බද්දක් අයකිරීමේ යෝජනාව තමන් අගමැති වීමට පෙර සිටම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් යෝජනා කරන ලද බව ද ජනාධිපතිවරයා පෙන්වාදුන්නේය.

“දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පතේ ප්‍රශ්නයක් නැහැ කියලා ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිලිවම කියලා තිබුණා. බැංකුවලට තම ස්ථාවරය අනුව දේශීය ණය ප්‍රශස්ත කිරීමේ ක්‍රියාවලියට සහභාගී විය නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිලිව පෙන්වා දී තිබෙනවා. ඔවුන් සතුව පවතින සියුම් ප්‍රාග්ධන රේඛාව අනුව බැංකුවලට ණය ප්‍රශස්ත කිරීමේ ක්‍රියාවලියට සහභාගී වීමට නොහැකියි” යයි ඔහු ණය ප්‍රශස්තකරණය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කියවමින් වැඩිදුරටත් පැවැසීය.

51.99%
17.7%
23.19%