Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජපානයේ පාපැදිකරුවන්ට සිය පාපැදිය පැදවීමේදී ජංගම දුරකථනයක් භාවිත කළහොත් මාස හයක සිරදඬුවමකට මුහුණදීමට සිදුවන පරිදි නව නීතියක් හඳුන්වාදී තිබේ.
විදෙස් ජනමාධ්‍ය පැවසුවේ අද දිනයේ එම නව නීතිය හඳුන්වාදී ඇති බවයි.
මෙම නව මාර්ග නීති කඩකරන්නන් උපරිම මාස හයක සිරදඬුවමකට යටත්විය හැකිය.
නැතහොත් ඔවුන්ට යෙන් 100,000 ක දඩයක් (අමෙරිකානු ඩොලර් 655; පවුම් 508) පනවනු ඇත.
ජපානය තුළ පාපැදිකරුවන් සම්බන්ධ අනතුරු සංඛ්‍යාව 2021 වසරේ සිට ඉහළ යෑමට පටන් ගෙන තිබේ.
කොවිඩ් වසංගතය අතරතුර පොදු ප්‍රවාහනය භාවිත කිරීම වෙනුවට වැඩි පිරිසක් පාපැදි භාවිත කිරීමට තෝරාගත් බව එරට ජනමාධ්‍ය පවසයි.
ඒ අනුව ජපාන බලධාරීන් දැන් පාපැදිකරුවන් නියාමනය කිරීමට දැඩි පරිශ්‍රමයක් දරමින් සිටියි.
දුරකථන භාවිතය පාලනය කිරීමට අමතරව, නව නීති මගින් බීමතින් පාපැදි පැදවීම ද ඉලක්ක කර ඇති අතර, එම වැරදිවලට හසුවන්නන් වසර තුනක සිර දඬුවමක් හෝ යෙන් 500,000 ($3,278; පවුම් 2,541) දඩයකට යටත් වේ.
නව නීති බලාත්මක වී පැය කිහිපයකට පසු, ඔසාකා බලධාරීන් සිකුරාදා තහවුරු කළේ ඔවුන්ට දැනටමත් නව මාර්ග නීති උල්ලංඝනය කිරීම් පහක් වාර්තා වී ඇති බවයි.
ඒ අතරින් සිද්ධීන් දෙකක් බීමතින් බයිසිකල් පැදවූ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම් වේ.
එහිදී එක් පාපැදිකරුවකු තවත් පාපැදිකරුවකු සමඟ ගැටී ඇති අතර, කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැත.
2023 වසරේ ජපානයේ පාපැදි අනතුරු 72,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, එය රටේ සිදුවන සියලුම රථවාහන අනතුරුවලින් 20%කට වඩා වැඩි ප්‍රමාණයක් බව ජනමාධ්‍ය වාර්තා කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart