October 22, 2024

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදුකරනු ලබන වැටළීම් සඳහා මුදල් ලබාදීම පිණිස වැටළීම් අත්තිකාරම් ගිණුමක් පවත්වාගෙන යනු ලබන අතර, එම අත්තිකාරම් ගිණුමේ උපරිම වියදම් සීමාව රුපියල් මිලියන 50කි.

අල්ලස් වශයෙන් ලබාදෙන මුදල නිශ්චිතව තීරණය කළ නොහැකි බැවින් සහ දැනට ලැබෙන අල්ලස් පැමිණිලිවල ස්වභාවය අනුව අල්ලස් අයදින මුදල ඉතා ඉහළ අගයක් ගනු ලබන බැවින්, අදාළ උපරිම වියදම් සීමාව කඩිනමින් සංශෝධනය කළ යුතුව ඇත.

ඒ අනුව, අල්ලස් වැටළීම් අත්තිකාරම් ගිණුමේ උපරිම වියදම් සීමාව රුපියල් මිලියන 150 දක්වා වැඩිකිරීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කර ඇත.

42.31%
17.27%
32.76%