December 13, 2024

නිදන කාමරය තුළ ජංගම දුරකථන භාවිත කිරීම සහ රාත්‍රී කාලයේ දිගු වේලාවක් කාමරය තුළ ජංගම දුරකථන තබාගැනීමෙන් මොළයට හා ස්නායු පද්ධතියට හානි විය හැකි යැයි වසංගත රෝග විද්‍යාඥ, අධ්‍යක්ෂ (සෞඛ්‍ය අධ්‍යාපන හා ප්‍රචාර), විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන පවසයි.

ජංගම දුරකථන සහ පරිගණක ආශ්‍රිත උපාංග මගින් අහිතකර විද්‍යුත් චුම්භක තරංගවලට නිරාවරණයවීම නිසා මෙම සෞඛ්‍ය ගැටලු ඇති කරන බවද ඇය සඳහන් කරයි.

එමනිසා විශේෂයෙන් නිදන කාමරය තුළ ජංගම දුරකථන තබාගැනීම මොළයට, ස්නායු පද්ධතියට හානිකර විය හැකි බැවින්, රාත්‍රි නින්දට යෑමට පෙර සිය නිදන කාමරයේ එබඳු උපකරණ ඉවත්කර හෝ ක්‍රියා විරහිත කර තබන ලෙසද පවිශේෂඥ වෛද්‍යවරිය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති ජනමාධ්‍ය හමුවකදී මහජනතාවගෙන් ඉල්ලා සිටියාය.