Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
උතුරු දුම්රිය මාර්ගයේ මහව-අනුරාධපුර කොටස නවීකරණය කිරීමෙන් පසු කොළඹ සහ කන්කසන්තුරේ අතර දුම්රිය ධාවනය හෙට, ඔක්තෝබර් 28 වැනි දින යළි ආරම්භ කරන බව ශ්රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව, පළමු දුම්රිය කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පෙරවරු 5.45 ට අනුරාධපුරය සහ යාපනය හරහා කන්කසන්තුරේ බලා පිටත්වන අතර මීළඟ දුම්රිය පස්වරු 1.45ට ධාවනය කෙරේ.
ඔක්තෝබර් 28 වැනිදා සිට උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය ආරම්භ කරන බැවින් දුම්රිය හරස් මාර්ග භාවිත කිරීමේදී විමසිලිමත් වන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
කොළඹ බලා යන දුම්රියක් අලුයම 5.30 ට අනුරාධපුර දුම්රිය ස්ථානයෙන් පිටත් වේ. ඊට අමතරව කොළඹ බලා යන තවත් දුම්රියක් පෙරවරු 10.30 ට කන්කසන්තුරයෙන් පිටත් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart