November 11, 2024

මත්පැන් නිෂ්පාදකයන් වෙතින් මේ වසරේ ගතවූ කාලය තුළ රුපියල් බිලියන 1.8 ක හිඟ බදු වාර්තාවී ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව වාර්තා කරයි.

2024 නොවැම්බර් 30 වන විට හිඟ බදු පියවන ලෙස මත්පැන් නිෂ්පාදකයන්ට දන්වමින් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් පසුගියදා නිවේදනයක් නිකුත් කරන ලදී.

මත්පැන් සමාගම් විසින් නොගෙවූ මුළු බදු මුදල රු. බිලියන 8.5 ක් බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

හිඟ බදු ගෙවීමට අපොහොසත් වන ඕනෑම සමාගමකට එරෙහිව නීතිමය පියවර ගන්නා බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අනතුරු අඟවයි.

42.31%
17.27%
32.76%