December 16, 2024

වසරේ මේ දක්වා ගතවූ කාලය තුළ ගාල්ල බන්ධනාගාරයෙන් ජංගම දුරකථන 540 කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන රාජසන්තක කර ඇති බව නව ආණ්ඩුව යටතේ රැස්වූ පළමු ගාල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී අනාවරණය විය.

පසුගිය සතියේ (දෙසැ 12) වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේගේ ප්‍රධානත්වයෙන් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමේදී මෙම තොරතුරු හෙළිවිය.

ගාල්ල බන්ධනාගාරයේ නියෝජ්‍ය ප්‍රධාන නියාමක ධනුෂ්ක පුෂ්පකුමාර පෙන්වාදුන්නේ, බන්ධනාගාරය පිහිටි ස්ථානය ජංගම දුරකථන භාවිතයට බෙහෙවින් ඉවහල්වී ඇති බවයි.

“බන්ධනාගාර තාප්පය ළඟම පාරක් තියෙනවා, බිත්තියට උඩින් ලොකු පාර්සල් විසිකරන්න පුළුවන්. ආරක්ෂක විධිවිධාන තිබියදීත්, මෙම භාණ්ඩ රහසිගතව ලැබෙනවා. මෙම භාණ්ඩ රාජසන්තක කිරීමට පොලිසියේ සහය ලබාගැනීමට සාකච්ඡා කරමින් පවතිනවා.”

මෙම රැස්වීමේදී අදහස් දැක්වූ ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය පොලිස් අධිකාරී ජගත් සේරම් පැවසුවේ, තාප්පයට ඉහළින් දැලක් සහ සීසීටීවී පද්ධතියක් සවි කිරීමට යෝජනා කර ඇති බවයි.

“කෙසේවෙතත්, අවට ප්‍රදේශය රජයේ ආයතන ඇති නිසා එය දුෂ්කර වී තිබෙනවා. අධික වියදම් සහිත ජෑමර් සවි කළ යුතුයි. 2025 දී මෙම කාර්යයන් සිදුකිරීමට අපි සැලසුම් කර තිබෙනවා,” ඔහු වැඩිදුරටත් පැවැසීය.

42.31%
17.27%
32.76%