
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් යාල ජාතික වනෝද්‍යානය අද (මාර්තු 01) සිට නැවත දැනුම්දෙනතුරු සංචාරකයන් සඳහා වසා තැබෙන බව උද්‍යාන පාලක මනෝජ් විද්‍යාරත්න පවසයි.
පසුගිය දින දෙක තුළ ඇද හැලුණු අධික වර්ෂාපතනය හේතුවෙන් උද්‍යානයේ මාර්ග කිහිපයක් ජලයෙන් යට වී ඇති අතර සමහර වැව් ඉවුරු කඩා වැටී තිබේ.
මේ හේතුවෙන් උද්‍යානය මෙලෙස වසා දැමීමට පියවර ගෙන ඇත.
උද්‍යානයට ප්‍රවේශය සපයන නිමලව ප්‍රදේශයේ මාර්ග කිහිපයක් ද ජලයෙන් යටවී ඇති බව වාර්තා විය.
මෙම කාලගුණික ගැටලු සැළකිව යුතු අවදානම් ඇති කර ඇති බවත් එමනිසා වනජීවීන්ගේ සහ සංචාරකයන්ගේ ආරක්ෂාව සඳහා උද්‍යානය වසා දැමීමට තීරණය කර ඇති බවත් විද්‍යාරත්න පැහැදිලි කළේය.
මේ අනුව යාල කලාප අංක 1 හි කටගමුව සහ පලටුපාන පිවිසුම් වසා දමා තිබේ.
කෙසේවෙතත්, යාල සෆාරි ජීප් රථ සංගමයේ සභාපති තරිඳු ජයසිංහ මෙම තීරණය පිළිබඳ කනස්සල්ල පළ කරමින් කියා සිටියේ, සංචාර සඳහා දැනටමත් මුදල් ගෙවා ඇති සංචාරකයන් මෙම හදිසි තීරණයෙන් අපහසුතාවට පත්ව ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart