
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ හිමිකරුගේ, ක්‍රියාකරුගේ සහ නියෝජිතයාගේ දැඩි නොසැළකිලිමත් සහ වංචාකාරී හැසිරීම හේතුවෙන්, ශ්‍රී ලංකා රජයට එරෙහිව සිදුකරන ලද ව්‍යවස්ථා උල්ලංඝනය කිරීම ව්කෙනුවෙන් ‘දූෂකයා ගෙවන මූලධර්මය’ (polluter pays principle) මත වන්දි ගෙවීමට ඔවුන් බැඳී සිටින බව අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ නෙරින් පුල්ලේ ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.
අගවිනිසුරු මුරුදු ප්‍රනාන්දු සහ කෝදාගොඩ, ශිරාන් ගුණරත්න, අචල වෙන්ගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරුවරුන්ගෙන් සැදුම්ලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කරුණු දක්වමින් ඔහු පවසා ඇත්තේ, එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසනයෙන් සිදුවූ පරිසර දූෂණයට සහ හානියට රජය වගකිව යුතු නොවන බවයි.
ශ්‍රේෂ්ඨාධිකරණය සහ අන්තර්ජාතික මානව හිමිකම් තන්ත්‍රය විසින් විකාශනය කරන ලද නීති විද්‍යාවේ මූලධර්ම අනුව, මෙම සිද්ධියට සම්පූර්ණයෙන්ම වගකිව යුත්තේ නෞකාවේ හිමිකරු (ESO RO Pte Ltd), ක්‍රියාකරු (Sea Consortium Singapore සහ Killiney Shipping) සහ නියෝජිතයා (Sea Consortium Sri Lanka) බව ඔහු සඳහන් කර ඇත.
ඔවුන් නෞකාව ශ්‍රී ලංකා මුහුදු සීමාවට රැගෙනවිත් ඇත්තේ, නැවේ තත්ත්වය ලංකා බලධාරීන්ට හෙළිනොකරමිනි.
එමෙන්ම අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ නෙරින්පුල්ලේ පෙන්වාදී ඇත්තේ, සිද්ධිය සම්බන්ධයෙන් වගකීම දරන නමුත් යාත්‍රාවේ හිමිකරු, ක්‍රියාකරු සහ නියෝජිතයා තමන් එහි අධිකරණ බලයට යටත් නොවන බව පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ අධිකරණ බලයට අභියෝග කර ඇති බවයි.
එවැනි මතභේදයක් අන්තර්ජාතික මානව හිමිකම් නීතියට පටහැනි වන අතර, එමඟින් මූලික අයිතිවාසිකම් කඩකිරීම් සම්බන්ධයෙන් පවතින අන්තර්ජාතික ප්‍රතිපාදනවලට මෙන්ම ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ද පටහැනි බව ඔහු පෙන්වාදී ඇත.
අවම වශයෙන් 2021 මැයි 11 දින සිට නයිට්‍රික් අම්ලය කාන්දු වන බව යාත්‍රාවේ හිමිකරු, නියෝජිතයා සහ ක්‍රියාකරු දැන සිටි බවත්, එසේ තිබියදීත්, ඔවුන් එම බහාලුම මුදාහැරීමට හෝ නැවත ජෙබෙල් අලි වරායට යෑම වැනි කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් බවට ඔහු චෝදනා කර තිබේ.
නඩුව මාර්තු 24 වැනිදා යළි කැඳවීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart