Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉකුත් ජනවාරි පළමුවැනිදා සිට රත්නපුර සබරගමු මහ සමන් දේවාලයේ වැඩ බැලීමට පත්කර ඇති බස්නායක නිලමේවරයා පවතින නීතියටත්, සම්ප්‍රදායන්ටත් විරුද්ධව බෞද්ධ කටයුතු කොමසාරිස් විසින් පත්කර ඇතැයි සබරගමු මහ සමන් දේවාලයේ හිටපු බස්නායක නිලමේ මිගාර ජයසුන්දර චෝදනා කරයි.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් හිටපු බස්නායක නිලමේ මිගාර ජයසුන්දර මෙසේ පවසයි.
“මම 2018 සිට සබරගමු මහ සමන් දේවාලයේ බස්නායක නිලමේවරයා වශයෙන් සේවාව කරනවා. පසුව වර්ෂ 5 අවසානයේ අවස්ථා 2ක දී එවකට ජනාධිපතිතුමා මගේ සේවා කාලය දීර්ඝ කළා. එම කාලය ඉකුත් දෙසැම්බර් 31 අවසන් වීමට නියමිතව තිබුණා. 1931 අංක 10 දරන විහාර දේවාලගම් ආඥා පනත අනුවයි දේවාල පාලනය වන්නේ. ඒ අනුව විය යුත්තේ ඉන්න බස්නායක නිලමේවරයාට වැඩ බැලීමට මාස තුනක කාලයක් දීලා ඡන්දයක් පවත්වා නිලමේවරයකු තොරා ගැනීමයි. එම පනතේ 14 වෙනි වගන්තියේ ඇතුළත් වනවා භාරකාර බස්නායක නිලමේවරයෙක් පත්කර ගන්නේ කෙසේද කියා. ඒ අනුව දේවාලයේ ඉඩම් බුක්ති විඳින්නෙක් හෝ බදුකරුවෙක් නුසුදුස්සෙක් ලෙස එහි දැක්වෙනවා.
ඒ විදිහට පත්කරන අය වයස අවුරුදු 70ට අඩු විය යුතුයි. මෙහිදී මට විශාල අසාධාරණයක් වෙලා තියෙනවා. මාව වැරදිකාරයෙක් නොකර මට කිසිදු චෝදනාවක් නොකර මෙසේ වෙනත් අයෙක් පත්කිරීම. පවතින අතීත සම්ප්‍රදාය තුළ තවත් කාරණා බොහොමයක් මේ තුළ තියෙනවා. ඒවාට ද මෙවැනි පත්කිරීම් පටහැනියි.”
මේ පිළිබඳ බුද්ධශාසන, ආගමික කටයුතු සහ සංස්කෘතික ඇමැති රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවිගෙන් විමසූ අවස්ථාවේ ඔහු මෙසේ පවසා ඇත.
“සමන් දේවාලයේ බස්නායක නිලමේ තනතුරේ කාලය දෙසැම්බර් 31 අවසන් වුණා. එවිට බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල්වරයාගේ වගකීමක් තාවකාලික භාරකරුවෙක් පත්කරන එක. පවතින අණපනත්වලට අනුකූලව තාවකාලික භාරකරුවෙක් සබරගමු මහ සමන් දේවාලයට පත්කර තිබෙනවා. එය බස්නායක නිලමේ තනතුරක් අලුතෙන් පත් කළ බවට වටහා ගන්න හොඳ නැහැ. එම තාවකාලික තනතුර මාස 3ක් දක්වා වලංගුයි. මේ කාලය තුළ බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල්වරයාගේ වගකීම තමයි නිසි සාධාරණ මැතිවරණයක් පවත්වලා සුදුසු බස්නායක නිලමේවරයෙක් පත්කර ගැනීම. එක අයැදුම්කරුවකුට වඩා පිරිසක් ඉදිරිපත් වුවොත් තමයි එවැනි ඡන්දයක් පවත්වන්නේ. මෙම ඡන්දය ප්‍රකාශ කිරීමට හිමිකම පවතින්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන් සහ දේවාලයේ රාජකාරි නියුතු නිලමේවරුන්ට පමණයි.”(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart