
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මන්නාරමේ මෙගාවොට් 484 සුළං සහ සම්ප්‍රේෂණ ව්‍යාපෘතිය ශ්‍රී ලංකාව ඉල්ලා සිටින්නේ නම් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට එකඟ වුවද, මුලින් එකඟ වූ ගාස්තු අනුපාතය සහ අනෙකුත් පරාමිතීන් සම්බන්ධයෙන් සම්මුතියක් ඇතිකර ගැනීමට ඉන්දියාවේ අදානි සමූහය සූදානම් නැතැයි Daily Mirror වාර්තා කරයි.
Adani Green Energy SL Ltd විසින් ශ්‍රී ලංකාවේ බලශක්ති අමාත්‍යාංශයට මේ සම්බන්ධයෙන් සිය ස්ථාවරය දැනුම්දුන්නේ, ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු මෙරට බලධාරීන් විසින් කළින් එකඟ වූ අමෙරිකානු ශත 8.26 මිල ඉතා ඉහළ මට්ටමක පවතින බව එම සමාගමට පැවසීමෙන් පසුවය.
පසුව, සමාගම පෙර යෝජනා කළ සුළං බල ව්‍යාපෘතියෙන් ඉවත්විය.
කෙසේවෙතත්, ශ්‍රී ලංකා රජය කවදා හෝ එම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට අපේක්ෂා කරන්නේ නම්, ඕනෑම සංවර්ධන අවස්ථාවක් භාරගැනීමට තමන් සැමවිටම සූදානමින් සිටින බව Adani සමූහය නැවත තහවුරු කරයි.
ඒ සම්බන්ධයෙන් දැනුවත් මූලාශ්‍රයක් උපුටා දක්වමින් Daily Mirror වාර්තා කරන්නේ, ව්‍යාපෘතිය සම්බන්ධයෙන් නියමිත ක්‍රියාවලිය අනුගමනය කිරීමෙන් අනතුරුව සුළං සහ සම්ප්‍රේෂණ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා Adani සමාගම තෝරා ගෙන ඇති බවයි.
ආයෝජන පිළිබඳ කැබිනට් මණ්ඩලය විසින් පත්කරන ලද කළමනාකරණ කමිටුව එකල ආයෝජන වේගවත් කිරීම යටතේ ව්‍යාපෘතිය අනුමත කර තිබිණි.
පසුගිය ආණ්ඩුව සමයේ කැබිනට් අනුමැතිය ලබාදීමෙන් පසු රජයේ ආයතන පහක් සහ Adani Green Energy SL Ltd අතර අවබෝධතා ගිවිසුම්වලට එළඹ තිබේ.
මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් අනුමත කරන ලද 2023-2042 ශ්‍රී ලංකාවේ දිගුකාලීන ජනන ව්‍යාප්ති සැලැස්මේ කොටසක් ද වේ.
ප්‍රාග්ධන පිරිවැය, අරමුදල් රැස්කිරීමේ පිරිවැය, බලශක්ති මිලදී ගැනීමේ ගිවිසුමේ සහ මෙහෙයුම් සහ නඩත්තු වියදම් වැනි බහුවිධ සාධක සලකා බලා එහි ගාස්තු තීරණය කර ඇත.
ශ්‍රී ලංකාවේ බලශක්ති මිලදී ගැනීමේ ගිවිසුමේ වලංගු කාලය වසර 20ක් වන අතර, ඉන්දියාවේ එය වසර 25ක් වේ.
අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන Moody’s විසින් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම “Caa1” කාණ්ඩයේ දක්වා තිබේ.
මෙම ණය ශ්‍රේණිගත කිරීමේ කාණ්ඩය රටක ඕනෑම ණය දීමක් හෝ ආයෝජනයක් හා සම්බන්ධ ඉතා ඉහළ අවදානමක් දක්වයි.
ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පවසන පරිදි, කිලෝවොට් පැයකට අමෙරිකානු ශත 8.26ක වියදම අපේක්ෂිත Adani හි සුළං බලශක්ති ව්‍යාපෘතියට එළඹුනහොත් රටේ වර්තමාන තෙල් සහ ගල් අඟුරු මත පදනම් වූ නිෂ්පාදනය සැලකිය යුතු ලෙස අඩුකරනු ඇත.
මෙම මිල වෙනස මගින් ශ්‍රී ලංකාවට සිය වාර්ෂික විදුලි උත්පාදන පිරිවැය ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 80 කින් අඩුකර ගැනීමට හැකිවනු ඇත.
ශ්‍රී ලංකාව විදුලිය සඳහා ආනයනික තෙල් සහ ගල්අඟුරු සඳහා වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් මිලියන 300ක් පමණ වැයකරයි.
Adani හි සුළං ව්‍යාපෘතිය ඇතුළත් කිරීමෙන් වාර්ෂික විදේශ විනිමය ගලායාමෙන් ඩොලර් මිලියන 200 කට වඩා ඉතිරි කරගත හැකි අතර බලශක්ති සුරක්ෂිතභාවය සහ ආර්ථික ස්ථාවරත්වය බෙහෙවින් වැඩිකරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart