Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මඩකළපුව පූනානි පිහිටි නැගෙනහිර විශ්වවිද්‍යාලයේ කටයුතු බෞද්ධ ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් එම විශ්වවිද්‍යාලයයේ සභාපති එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා, උපකුලපති මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර යන අය ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් ඊයේ (14) ආරම්භ කෙරිණි.
වැලිකන්ද ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති, කඩවත මඩුව ශ්‍රී බෝධිරාජාරාමාධිපති ඉඩම්පිටියේ වජිරාලංකාර නාහිමියන් ප්රමුඛ මහා සංඝරත්නය එහිදී ආගමික වතාවත් සිදුකර ඇත.
සිංහල, දමිළ, මුස්ලිම්, ඇතුළු සියලු ජාතීන් හා ආගම් නියෝජනය කරමින් විශ්ව විද්‍යාලයේ ඉගැන්වීම් කටයුතු ලබන මස 18 වැනිදා ආරම්භ කරන බව විශ්වවිද්‍යාල නිර්මාතෘ නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා පවසයි.
මෙම විශ්වවිද්‍යාලය සදහා අයැදුම්පත් තුන්දහක් පමණ දැනටමත් ලැබී ඇති අතර, එහි අධ්‍යාපන ලැබීමට දසදහසකට ආසන්න සිසුන් සංඛ්‍යාවකට පහසුකම් පවතින බවත්, අන්තර්ජාතික තලයේ පහසුකම් පවතින විශ්වවිද්‍යාලයක් බවට එය පත්කර ඇති බවත්, ඔහු සඳහන් කරයි.
එහි අධ්‍යාපනය ලබන සිසුන්ට ණය පහසුකම් ලබදීමට එම ස්ථානයේ බැංකු කිහිපයක් ආරම්භ කරන බවත්, එම සිසුන් ලබාගත් ණය ඔවුන් රැකියා කරන අවස්ථාවල දී ගෙවීමට අවශ්‍ය පහසුකම් සලසා ඇති බවත්, හෙතෙම පවසයි.
නැගෙනහිර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර වැඩ බාරගත් අතර උතුරු මැද, නැගෙනහිර, ඌව යන පළාත්වල සිසුන්ට මෙන්ම සෙසු පළාත්වල විශ්ව විද්‍යාල වරම් තිබෙන දරුවන්ට මේ සඳහා ඉල්ලුම් කළ හැකි බවත්, ජනවාරි මාසයේ සිට ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසා දී අධ්‍යාපනය ලබාදීමට කටයුතු කරන බවත්, මහාචාර්යවරයා වැඩ භාරගනිමින් සඳහන් කර ඇත.
මේ අතර විශ්ව විද්‍යාලයේ කටයුතු ආරම්භ කිරීමේ දී බෞද්ධ ආගමට මුල්තැන දීම පිළිබඳව තමන් වහන්සේගේ ස්තුතිය පිරිනමන බවත්, නැගෙනහිර විශ්වවිද්‍යාලයට සිංහල, දමිළ, මුස්ලිම් දරුවන් ඇතුළත් කරගනිමින් රටට යහපත් පුරවැසියන් පිරිසක් බිහි කිරීමට හිස්බුල්ලා මහතා ඉදිරිපත් වීම පිළිබඳ තමන් වහන්සේ ප්‍රශංසා කරන බවත්, එහි අනුශාසනාව කළ ඉඩම්පිටියේ වජිරාලංකාර නාහිමියෝ පැවසූහ.
ආගමික වතාවත් සහ ආශිර්වාද කටයුතු කිරීමෙන් අනතුරුව මහා සංඝරත්තයට නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලාගේ අතින් අටපිරිකර පූජා කිරීම ද විශේෂත්වයක් වූ අතර, ඉස්ලාම් ආගමිකයකු වන ඔහු පළමුවරට මහා සංඝරත්නයට අටපිරිකර පූජා කිරීම ද විශේෂ කටයුත්තක් උන්වහන්සේ පවසති.
නැගෙනහිර විශ්වවිද්‍යාලයේ වැඩ කටයුතු ඉකුත් 2008 වසරේ දී අවසන් කර ඇති අතර, පාස්කු බෝම්බ ප්‍රහාරය සමග එම විශ්වවිද්‍යාලයේ කටයුතු ආරම්භ කිරීමට නොහැකි විය.
වසර දෙකකට ආසන්න කාලයක් එම විශ්වවිද්‍යාලය යුද හමුදාව යටතේ පාලනය විය.
එම කාලය තුළත් කොරෝනා මධ්‍යස්ථානයක් හා නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස පැවැති නැගෙනහිර විශ්වවිද්‍යාලය පසුගිය ඔක්තෝබර් 20 වැනිදා යුද හමුදාව විසින් එම විශ්ව විද්‍යාලයේ සභාපති හිස්බුල්ලාට නැවත භාරදී ඇත.
නැගෙනහිර විශ්ව විද්‍යාලයේ සභාපති හිස්බුල්ලාගේ පුත් ගිරාස් හිස්බුල්ලා ද එම අවස්ථාවට සහභාගී විය.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart