Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ටිබෙටයේ ජනතාව අවතැන් වීම මෙන්ම ඉන්දියාවේ සහ බංගලාදේශයට සිදුවන පාරිසරික බලපෑම් පිළිබඳ කනස්සල්ල මතුකරමින් ලොව විශාලතම ජල විදුලි වේල්ල ඉදිකිරීමට චීනය අනුමැතිය දී ඇත.
Yarlung Tsangpo ගඟේ පහළ ප්‍රදේශයේ ඉදිටන මෙම වේල්ල මගින් දැනට ලොව පවතින විශාලතම ජලවිදුලි බලාගාරය වන Three Gorges වේල්ලට වඩා තුන් ගුණයක ශක්තියක් උත්පාදනය කළ හැකි බව පැවසෙයි.
කෙසේවෙතත් චීනයේ රජයට අයත් ජනමාධ්‍ය මෙම සංවර්ධන ව්‍යාපෘතිය විස්තර කර ඇත්තේ පාරිසරික ආරක්ෂාවට ප්‍රමුඛත්වය දෙන ආරක්ෂිත ව්‍යාපෘතියක් ලෙසයි.
එමෙන්ම අදාළ ව්‍යාපෘතිය චීනයේ සමෘද්ධිය ඉහළ නංවන අතර රටේ දේශගුණික මධ්‍යස්ථතා ඉලක්කවලට දායක වනු ඇතැයි ද එම ජනමාධ්‍ය වාර්තා පෙන්වා දී තිබේ.
එහෙත් මානව හිමිකම් කණ්ඩායම් සහ විශේෂඥයින් එම සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රතිවිපාක පිළිබඳ කනස්සල්ල මතුකර ඇත.
2020 අගභාගයේදී ප්‍රථම වරට වේල්ලේ ඉදිකිරීම ප්‍රකාශයට පත්කරන ලද අතර දේශීය ප්‍රජාවන් අවතැන් කිරීමට මෙන්ම, ටිබෙට් සානුවේ පොහොසත්ම සහ විවිධත්වයෙන් යුත් දේශීය පරිසර පද්ධතිවලට ස්වාභාවික භූ දර්ශනය සැලකිය යුතු ලෙස වෙනස් කිරීමට සහ හානි කිරීමට ඉන් හැකිවනු ඇතැයි යන බිය මානව හිමිකම් කණ්ඩායම් සහ පරිසර විශේෂඥයන් විසින් මතුකර තිබේ.
චීනය ටිබෙට් ප්‍රදේශවල වේලි කිහිපයක් ඉදිකර ඇති අතර, 1950 ගණන්වලදී ටිබෙටය ඈඳාගත් දා සිට චීනය විසින් දැඩි ලෙස පාලනය කරන ලද කලාපයක මතභේදාත්මක විෂයක් බවට වේලි ඉදිකිරීම පත්ව තිබේ.
මානව හිමිකම් ක්‍රියාකාරීන් උපුටා දක්වමින් බීබීසී පුවත් සේවය පවසන්නේ මෙම වේල්ල චීනය ටිබෙට් ජාතිකයන් සහ ඔවුන්ගේ ඉඩම් සූරාකෑමේ නවතම උදාහරණය බවයි.
ප්‍රධාන වශයෙන්-බෞද්ධ ටිබෙටය වසර ගණනාවක් පුරා මර්දන රැල්ලකට මුහුණ දී සිටින අතර ඒ ඔස්සේ ටිබෙට් වැසියන් දහස් ගණනක් ඝාතනය කර ඇතැයි විශ්වාස කෙරේ.
Yarlung Tsangpo වේල්ල සම්බන්ධයෙන් අවධානය යොමුකරමින් චීන බලධාරීන් පවසන්නේ, මෙම ව්‍යාපෘතියෙන් විශාල පාරිසරික බලපෑමක් ඇති නොකරන බවයි.
එහෙත් එම ඉදිකිරීම් හරහා කොපමණ පිරිසක් අවතැන් වේදැයි ඔවුන් සඳහන් කර නැත.
මීට පෙර ත්‍රී ගෝර්ජස් ජල විදුලි වේල්ල ඉදිකිරීම සඳහා මිලියන 1.4 ක ජනතාවක් නැවත පදිංචි කිරීමට අවශ්‍ය විය.
ටිබෙටයේ දිගම ගංගාව වන Yarlung Tsangpo හි ගලායෑම වෙනතකට යොමුකරමින් සිදුකෙරෙන මෙම දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතිය සඳහා අවම වශයෙන් කිලෝමීටර් 20ක් දිග උමං මාර්ග හතරක් Namcha Barwa කන්ද හරහා හෑරීමට අවශ්‍ය වනු ඇති බව වාර්තා පෙන්වා දෙයි.
එහිදී ඉන්දියාවේ අරුණාචල් ප්‍රදේශ් සහ ඇසෑම් ප්‍රාන්තවලට දකුණින් ගලා බසින දේශසීමා ගංගාවේ ගලායෑම පාලනය කිරීමට හෝ හරවා යැවීමට එම වේල්ල මගින් චීනයට බලය හිමිවනු ඇතැයි විශේෂඥයන් සහ නිලධාරීන් කනස්සල්ල පළකර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart