April 16, 2024

ලොව ජනප්‍රියම අන්නාසි ප්‍රභේදයක් වන MD 2 හෙවත් Super Sweet Pineapple ශ්‍රී ලංකාවේ වගා කිරීම සඳහා කඩිනම් නිර්දේශ ලබාදීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සූදානම් වේ.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර පවසන්නේ ලෝකයේ රසවත්ම අන්නාසි ශ්‍රී ලංකාවෙන් වාර්තා වන බවයි.

එබැවින් ශ්‍රී ලංකාවේ වගා කරන අන්නාසි සඳහා ලෝක වෙළෙඳපොළේ විශාල ඉල්ලුමක් තිබේ.

MD 2 අන්නාසි ප්‍රභේදයට ලෝක වෙළෙඳපොළේ විශාල ඉල්ලුමක් තිබුණ ද එම අන්නාසි ප්‍රභේදය මෙරට වගා කිරීමට පියවර ගෙන නොමැත.

මිහිරි රසයකින් සහ අවම ආම්ලිකතාවයකින් යුත් මෙම අන්නාසි ප්‍රභේදය ශ්‍රී ලංකාවේ වගා කිරීම සඳහා සිදුකළ පර්යේෂණයද සාර්ථක වී තිබේ.

බෝග මුදා හැරීමේ කමිටුවේ නිර්දේශ යටතේ මෙම MD 2 අන්නාසි ප්‍රභේදය ශ්‍රී ලංකාවේ වගා කිරීම සඳහා නිර්දේශ කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කරන ලෙස ඇමැතිවරයා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇත.

කෘෂිකාර්මික අංශය නවීකරණය කිරීමේ වැඩසටහන යටතේ මෙම MD 2 අන්නාසි ප්‍රභේදය ශ්‍රී ලංකාවේ වගා කිරීම සඳහා සිදුකළ පර්යේෂණ සාර්ථක වී ඇති අතර ගොවීන් ද මෙම අන්නාසි ප්‍රභේදය වගා කිරීමට කැමැත්ත පළ කර ඇති බව ඇමැතිවරයා පැවසීය.

42.31%
17.27%
32.76%