February 9, 2024

අදට (09) යෙදී ඇති ලෝක පීට්සා දිනය නිමිත්තෙන් මීගමුව, ඒත්තුකාළ ප්‍රදේශයේ පිහිටි ටුක් ටුක් වයින් ඇන්ඩ් ඩයින් හෝටලය ලංකාවේ විශාලතම පීට්සාව එම හෝටල් පරිශ්‍රයේ දී නිර්මාණය කිරීමට පියවර ගෙන තිබුණි .

අගල් 50 දිග මෙම පීට්සා එක කිලෝ ග්‍රෑම් 12 ක බරකින් යුක්ත වෙයි.

මෙම පීට්සාව නිර්මාණය කිරීම සදහා තක්කාලි මිශ්‍රණයක්, මොසැරැල්ලා චීස්, කුකුළු මස්, සොසේජස්, විවිධ පාට සහ රස වර්ග 04 කින් යුතු බෙල් පෙපර් , ඔලිව් තෙල් සහ බී ළූණු භාවිත කර තිබූ අතර, මෙම පීට්සාව විනාඩි 08 ක කාළයකින් පුළුස්සා නිමකර ගැනීමට හැකි වූ බව වාර්තා වෙයි.

මෙම පීට්සාව රස බැලීම සදහා 100 කට අධික පිරිසක් මෙම හෝටල් පරිශ්‍රයට පැමිණ සිටියහ.

මේ සදහා එම හෝටලයේ විධායක සූපවේදී දුමින්ද වනිගසේකර මූලිකත්වය ගෙන ක්‍රියාකර ඇත.

එකවර 08 දෙනකුට භුක්ති විදීමට හැකි වන පරිදි අගල් 25 ක් දිග වන ආකාරයට සකස් කර, පීට්සා කැබලි ඔවුන්ට ආහාර සදහා පිරිනැමීම සිදුකෙරුණි .

ඉකුත් 2021 වසරේ දී මෙම හෝටලය අගල් 40 ක් දිග පීට්සාවක් ලෝක පීට්සා දිනය නිමිත්තෙන් සකස් කර තිබිණි.(දිනමිණ)