42.31%
17.27%
32.76%
October 10, 2024

ටෙනිස් ලෝක ශුරයෙකු වන ස්පාඤ්ඤයේ 38 හැවිරිදි රෆායල් නඩාල් ටෙනිස් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ.

ලබන නොවැම්බර් මසදී ස්පාඤ්ඤයේ පැවැත්වෙන ඩෙවිඩ් කුසලාන අවසන් තරගයෙන් පසු සමුගැනීම සනිටුහන් කරන බව සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් නඩාල් සදහන් කර ඇත.

තමන් ගත් මෙම තීරණය ඉතා දුෂ්කර වූ එකක් බවද රෆායල් නඩාල් ප්‍රකාශ කර තිබේ.

නඩාල් ග්‍රැන්ඩ් ස්ලැම් ශුරතා 22ක් සහ ඔලිම්පික් කේවල රන් පදක්කම් ජයග්‍රහණ කර ඇත.

42.31%
17.27%
32.76%