
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2022 වසරේදී මෙරට මුහුණ පෑ ආර්ථික අර්බුදයෙන් පසු ආර්ථිකය ක්‍රමයෙන් වර්ධනය වුවද ලෝක බැංකුව විසින් අප්‍රේල් 23 දා නිකුත් කරන ලද වාර්තාවක මෙරට දරිද්‍රතා මට්ටම් සියයට 24.5 ක දක්වා තිබීම සම්බන්ධයෙන් ආර්ථික විශේෂඥයෝ කණස්සල්ල මතුකරති.
මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා ලෝක බැංකු අංශයේ අධ්‍යක්ෂ ඩේවිඩ් සිස්ලෙන් පවසන්නේ, ශ්‍රී ;ලංකාවේ තුනෙන් එකක් පමණ පිරිසක් දරිද්‍රතාවයේ සිටින හෝ නැවත දරිද්‍රතාවයට ඇදවැටීමේ අවදානමක සිටින බවයි.
ලෝක බැංකුව විසින් නිකුත් කරන ලද එම වාර්තාවේ 2026 වසර සඳහා සියයට 3.1 ක මධ්‍යස්ථ ආර්ථික වර්ධනයක් පුරෝකථනය කර ඇති අතර වෙළඳාම, ආයෝජනය, තරඟකාරිත්වය සහ කාන්තා ශ්‍රම බලකායේ සහභාගීත්වය වැඩිදියුණු කරන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම මගින් සියලුම ශ්‍රී ලාංකිකයන්ට ප්‍රතිලාභ සැලසීම සහතික කිරීම අත්‍යවශ්‍ය බව පෙන්වා දී තිබේ.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද 2024 වසරේ සිව්වැනි කාර්තුවේ ශ්‍රම බලකාය පිළිබඳ මෑත වාර්තාවකින් පෙන්නුම් කරන්නේ, වයස අවුරුදු 15 සහ ඊට වැඩි කාන්තාවන්ගෙන් සියයට 71ක් හෝ 6,549,504ක පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රිය වන අතර, එයින් අදහස් වන්නේ ඔවුන් ශ්‍රම වෙළඳපොළට සහභාගී නොවන බවයි.
සක්‍රියව රැකියාවක් සොයන හෝ කෙටි කාලයක් තුළ වැඩ ආරම්භ කිරීමට නොහැකි පුද්ගලයන් මෙයට ඇතුළත් වේ.
එමෙන්ම ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවෙන් පෙන්නුම් කරන්නේ, සෑම වයස් කාණ්ඩවලම කාන්තාවන් අතර විරැකියාව පිරිමින්ට වඩා ඉහළ මට්ටමක පවතින බවයි.
එමෙන්ම තරුණ හා කාන්තා විරැකියාව රටේ සමස්ත විරැකියාවට වැඩි දායකත්වයක් සපයයි.
ලෝක බැංකුව විසින් ඉහළ දරිද්‍රතා මට්ටමක් පෙන්වා දීමට බලපා ඇති එක් ප්‍රධාන හේතුවක් වන්නේ, ශ්‍රම වෙළඳපොළ තුළ පවතින අර්බුදය සහ ජනතාව විදේශ රැකියා සෙවීම ඉහළ යාමට සාපේක්ෂව ඉහළ යන විදේශගත වීමයි.
ගෘහාශ්‍රිත ආදායම්, රැකියා සහ සමස්ත සුබසාධනය පූර්ව අර්බුද මට්ටම්වලට වඩා බෙහෙවින් අඩු මට්ටමක පවතී.
ශ්‍රම බලකා සමීක්ෂණ මගින් අනාවරණ වී ඇති පරිදි විරැකියා අනුපාතිකය තුළ වයස අවුරුදු 15 සිට 24 දක්වා වයස් කාණ්ඩය ඉහළම අගයක් ගන්නා අතර එය සියයට 25.7කි.
මෙම සියලු කරුණු මධ්‍යයේ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පෙන්වාදෙන පරිදි, 2025 පෙබරවාරි මාසයේදී මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා එක් පුද්ගලයකුට මසකට අවශ්‍ය අවම වියදම රු.16, 318ක් වන අතර 2019 වසරට සාපේක්ෂව එම අගය මේ වනවිට 134%කින් ඉහළ ගොස් තිබේ.
2019 වසරේදී මෙරට පුද්ගලයකුට මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මසකට අවශ්‍ය වූ අවම මුදල රුපියල් 6,966 කි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart