June 2, 2024

රට පුරා පාලම් 19ක හදිසි අලුත්වැඩියා සිදු කිරීම සඳහා ලෝක බැංකුව ඩොලර් මිලියන 7.5ක් (රුපියල් බිලියන 2.25 ක්) වෙන් කර ඇති බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් රංජිත් රූබසිංහ පවසයි.

ඒ, පාලම් 30කට වැඩි ප්‍රමාණයක් අලුත්වැඩියා කිරීමට අවශ්‍ය බව මහාමාර්ග ඇමැති බන්දුල ගුණවර්ධන කළ ප්‍රකාශයකින් අනතුරුවයි.

ලෝක බැංකුව දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවේ මාර්ග ව්‍යාපෘති සඳහා අරමුදල් සපයයි.

අමාත්‍යාංශයේ ලේකම් රූබසිංහ පවසන්නේ වැඩිවශයෙන් අබලන් තත්ත්වයේ පවතින පාලම්වලට ප්‍රමුඛත්වය දෙමින් පාලම් අලුත්වැඩියා කිරීමට සැලසුම් කර ඇති අතර ඒ සඳහා ලෝක බැංකුවෙන් අරමුදල් ලැබී ඇති බවයි.

බොහෝ පාලම් නඩත්තු කිරීමට නියමිත දිනයන් පසු වී ඇති බව ඔහු පැවසීය.

ලැයිස්තුගත කර ඇති පාලම්වලින් ජනතාවට අනතුරක් නොවන නමුත් කඩිනමින් අලුත්වැඩියා කළ යුතු බව අමාත්‍යාංශයේ ලේකම් රූබසිංහ සඳහන් කරයි.

අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පැවසුවේ අලුත්වැඩියා කටයුතු සිදුකිරීමේදී අයහපත් කාලගුණයෙන් ඉදිකිරීම්වලට සිදුවන හානි පිළිබඳවද සළකා බලන බවයි.

මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති C.P අතුළුවගේ පැවසුවේ, අලුත්වැඩියා කිරීමට ඇති පාලම් 30කට වැඩි ප්‍රමාණයක් ඇති අතර ඇතැම් හදිසි අලුත්වැඩියාවන් අමාත්‍යාංශය විසින් කෙටි ලැයිස්තු ගතකර ඇති අතර, අවශ්‍ය ප්‍රමාණය, පිරිවැය සහ ක්‍රියාවලිය තම කාර්යාලය හරහා ලබා දී ඇති බවයි.

අලුත්වැඩියා කිරීමට අවශ්‍ය පාලම් 19න් සමහරක් ඇඹිලිපිටිය-මිද්දෙනිය, වැලිකඩ-කොහිලවත්ත සහ මීගමුව-මීරිගම යන ප්‍රදේශවල පිහිටා ඇත .

42.31%
17.27%
32.76%