November 24, 2024

අලුතින් තේරී පත් වූ මන්ත්‍රීවරුන් සඳහා වන තෙදින වැඩමුළුව හෙටින් ආරම්භ වේ.

පාර්ලිමේන්තු සැසිවාරයේදී සභා ගර්භය තුළ වීඩියෝ පටිගත කිරීම, සමාජ මාධ්‍ය ඔස්සේ සජීවීව සහ පාර්ලිමේන්තු සැසිවාරයේදී ගන්නා වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කිරීම තහනම් බව පාර්ලිමේන්තු නිලධාරීන් මෙහිදී අවධාරණය කිරීමට බලාපොරොත්තු වේ.

හිටපු කථානායක මහින්ද යාපා අබේවර්ධන පසුගිය පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 146 යටතේ මන්ත්‍රීවරුන්ට සභාවාරයට බාධාවන ආකාරයේ හැසිරීම්වල නිරතවීම තහනම් කරමින් තීන්දුවක් ලබාදුන්නේය.

නවක මන්ත්‍රීවරුන් සඳහා තුන්දින වැඩසටහන නොවැම්බර් 25, 26 සහ 27 යන දිනවල පෙරවරු 9.30 සිට පස්වරු 4.30 දක්වා පැවැත්වේ.

වැඩසටහන මගින් මන්ත්‍රීවරුන්ට ඔවුන්ගේ භූමිකාවන් සහ වගකීම්, පාර්ලිමේන්තු වරප්‍රසාද, ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය, කාරක සභා ක්‍රියා පටිපාටි, පාර්ලිමේන්තු ස්ථාවර නියෝග සහ ව්‍යවස්ථාමය ප්‍රතිපාදන පිළිබඳ දැනුවත් කිරීම අරමුණු කරයි.

විද්‍යුත් ඡන්ද ක්‍රමය භාවිතය පිළිබඳ ප්‍රායෝගික සැසියක් ද මෙම වැඩසටහනට ඇතුළත් වේ.

මහජන ආරක්ෂාව සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය යටතේ ඇති පාර්ලිමේන්තු කටයුතු අංශයේ කටයුතු මෙන්ම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අදාළ නීති හා ක්‍රියා පටිපාටි පිළිබඳව ද මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට බලාපොරොත්තු වේ.

පාර්ලිමේන්තුවේ දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඔවුන්ගේ කාර්යයන් පිළිබඳ දළ විශ්ලේෂණයක් ද ලබා දෙනු ඇත.

 

42.31%
17.27%
32.76%