December 28, 2024

ශ්‍රී ලංකා මහ බැංකුවේ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් පවත්වන ලද 2024 දෙවැනි කාර්තුව සඳහා වලංගු ශ්‍රම බලකා සමීක්ෂණයට (LFS) අනුව ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායේ ක්‍රියාකාරීව සිටින බොහෝ පිරිමින් සහ කාන්තාවන් වයස 40 ගණන්වල පසුවේ.

ශ්‍රී ලංකාවේ විරැකියා ප්‍රශ්නය උගත් පිරිමින්ට වඩා උගත් කාන්තාවන් සඳහා උග්‍ර වන බව සමීක්ෂණ වාර්තාව ප්‍රකාශ කළේ පසුගිය වසරවල එහි නිරන්තර නිරීක්ෂණ ගැන සඳහන් කරමිනි.

සමීක්‍ෂණය පදනම් වී ඇත්තේ 2024 අප්‍රේල්, මැයි සහ ජුනි මාසවල මුළු රටම ආවරණය වන පරිදි රැස් කරන ලද දත්ත මතය.

එය නිවාස ඒකක 6,440ක කාර්තුමය නියැදිය මත පදනම් වී තිබේ.

එය නිවාස ඒකකවල ජීවත්වන පුද්ගලයන් පමණක් ආවරණය කර ඇත.

ශ්‍රම බලකායේ සහභාගීත්ව අනුපාතය (LFPR) වයස් කාණ්ඩ අනුව සහ ස්ත්‍රී පුරුෂ භාවය අනුව බෙදා හැරීම සළකා බැලීමේදී සියලුම වයස් කාණ්ඩවල කාන්තාවන්ට සාපේක්ෂව ඉහළ පිරිමි සහභාගිත්වයක් පෙන්නුම් කරයි.

පිරිමින් සඳහා ඉහළම සහභාගීත්ව අනුපාතය වයස අවුරුදු 45 – 49 (96.3%) කාණ්ඩයෙන් වාර්තා වන අතර, කාන්තාවන් සඳහා 40 – 44 වයස් කාණ්ඩයෙන් (46.5%) වාර්තා වේ.

2024 දෙවැනි කාර්තුව තුළ ශ්‍රී ලංකාවේ මුළු රැකියා නියුක්තිකයන් සංඛ්‍යාව මිලියන 8ක් ලෙස ගණන් බලා ඇත.

එයින් සියයට 48.5ක් පමණ සේවා අංශයේ ද සියයට 26.5ක් කර්මාන්ත අංශයේ ද සියයට 25.0ක් කෘෂිකර්ම අංශයේ ද නියැලී සිටිති.

2023 දෙවැනි කාර්තුවට සාපේක්ෂව 2024 දෙවැනි කාර්තුවේදී සේවා සහ කර්මාන්ත අංශවල රැකියා නියුක්ත පුද්ගලයන්ගේ වැඩිවීමක් දක්නට ලැබේ.

ශ්‍රම බලකායෙන් බහුතරය පෞද්ගලික අංශයේ සේවකයන් වේ.

කෘෂිකාර්මික නොවන අංශය ශ්‍රී ලංකාවේ රැකියා කරන ජනගහනයෙන් සියයට 75.0ක් ආවරණය කරන අතර, එම අංශයේ සේවකයන් සහ තමන්ගේම රැකියාවල නිරත පිරිස දැඩි ලෙස සීමා වී ඇත.

ඉහළම රැකියා කොටස සේවා අංශයේ වූ අතර මෙය පිරිමි සහ ගැහැණු යන දෙඅංශයටම පොදු වූ අතර අඩුම කොටස් කෘෂිකර්ම අංශය සඳහා විය.

රැකියා නියුක්ත කාන්තාවන් අතර සියයට 22.1ක් කෘෂිකාර්මික අංශයේ සිටින අතර මෙම කොටස පිරිමින් සඳහා සියයට 26.5ක් විය.

කාන්තාවන් සඳහා වාර්තා වූ සමස්ත විරැකියා අනුපාතය සියයට 7.0ක් වූ අතර පිරිමින් සඳහා එය සියයට 3.6කි.

2024 දෙවැනි කාර්තුවට අනුරූපව තරුණ විරැකියා අනුපාතය (වයස අවුරුදු 15 – 24) සියයට 25.4ක් වූ අතර එය සියලුම වයස් කාණ්ඩ අතර වාර්තා වූ ඉහළම විරැකියා අනුපාතය විය.

තවද වයස අවුරුදු 15 – 24 අතර පිරිමි සහ ගැහැණු විරැකියා අනුපාත පිළිවෙළින් සියයට 20.1 සහ 35.6 විය.

සියලුම වයස් කාණ්ඩවල කාන්තාවන් අතර විරැකියාව පිරිමින්ට වඩා ඉහළ මට්ටමක පවතින බව සමීක්ෂණ ප්‍රතිඵල තවදුරටත් අනාවරණ කළේය.

තරුණ හා කාන්තා විරැකියාව රටේ සමස්ත විරැකියාවට වැඩි දායකත්වයක් සපයයි.

2024 දෙවැනි කාර්තුවේදී රැකියා විරහිත පුද්ගලයන් සංඛ්‍යාව 397,855ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

2024 දෙවැනි කාර්තුව සඳහා විරැකියා අනුපාතය සියයට 4.7කි.

ඉහළම විරැකියා අනුපාතය වාර්තා වී ඇත්තේ G.C.E.(A/L) සහ ඊට ඉහළ කාණ්ඩයෙන් වන සියයට 7.8කි.

අනුරූපී ප්‍රතිශතය පිරිමි සහ ගැහැණු සඳහා පිළිවෙලින් සියයට 5.8ක් සහ සියයට 10.0ක් විය.

අධ්‍යාපනයේ සෑම තරාතිරමකම පිරිමින්ට වඩා කාන්තා විරැකියා අනුපාතිකය වැඩි විය.

සමීක්ෂණ ප්‍රතිඵල තවදුරටත් පෙන්වා දුන්නේ විරැකියාව පිළිබඳ ගැටලුව උගත් පිරිමින්ට වඩා උගත් කාන්තාවන් සම්බන්ධයෙන් වඩාත් උග්‍ර වූ බවත්, එය පෙර සමීක්ෂණ වටවල ප්‍රතිඵලවලට වඩා නිරන්තරයෙන් නිරීක්ෂණය වූ බවත්ය.

42.31%
17.27%
32.76%