Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මොරටුව විශ්වවිද්‍යාලයේ විලාසිතා නිර්මාණය පිළිබඳ උපාධිධාරියකු වන සුචින්ද්‍ර දිළුම් සංජීව දිවුල් මිශ්‍රකර නව චොක්ලට් වර්ගයක් නිෂ්පාදනය කර තිබේ.
උපාධිය නිමකිරීමෙන් පසු ඇඟලුම් ක්ෂේත්‍රයේ රැකියාවක නිරතව සිටියදී කොවිඩ් වසංගතය හමුවේ ඇති වූ ආර්ථික අර්බුද සමඟ, එම ක්ෂේත්‍රයෙන් ඉවත්ව පළතුරු විජලනය කර පිටරට යැවීමේ ව්‍යාපාරයක් ආරම්භ කර තිබෙන ඔහු, දීර්ඝ කාලයක් තිස්සේ සිදුකරන ලද පරීක්ෂණවලින් පසු මෙම දිවුල් මිශ්‍ර චෝකලට් නිෂ්පාදනය කිරීමට සමත්ව ඇත.
නව දිවුල් චොකලට් නිෂ්පාදනය සඳහා ප්‍රමිති සහතිකය මෙන්ම පේටන්ට් බලපත්‍රය ලබාගැනීමට බලාපොරොත්තු වන බව සුචින්ද්‍ර පවසයි.
මේ වන විට අඹ, රඹුටන්, කොමඩු, කාමරන්කා, වරකා, කජු පුහුලන් වැනි පළතුරු විජලනය කර ජපානයට අපනයනය කරන සචින්ද්‍ර, දිවුල් මිශ්‍ර නව චොකලට් නිෂ්පාදනය දේශීය වෙළෙඳපොළට මෙන්ම විදේශීය වෙළෙඳපොළට ද යොමු කිරීමේ අපේක්ෂාවෙන් පසුවෙයි.
“විලාසිතාකරණය පිළිබඳ උපාධිය ලබා ගැනීමෙන් පසු මම දිවයිනේ ප්‍රධාන පෙළේ ඇඟලුම් කර්මාන්තායතන කිහිපයක සේවය කළා. පසුව 2022 වසරේදී මම රැකියාවෙන් ඉවත්ව මගේම ව්‍යාපාරයක් ආරම්භ කළා. ආර්ථික අර්බුදය හමුවේ අපට ජීවිතය ඉදිරියට ගෙනයෑමට විකල්ප සොයාගැනීමට සිදු වුණා. මිනිසාගේ මූලික අවශ්‍යතා ලෙස සැළකෙන ආහාර, ඇඳුම් පැලඳුම් හා නිවාස කියන ත්‍රිත්වය අතුරින් ඒ වන විට මම නිරතව සිටියේ ඇඟලුම් ක්ෂේත්‍රයේ. ඉන් ඉවත්ව නිවාස ක්ෂේත්‍රයට යනවා නම් ලොකු මුදලක් ආයෝජනය කරන්න වෙනවා. ඒ තරම් මුදලක් නොතිබූ නිසාත්, ආහාර සඳහා කුමන ආර්ථික තත්ත්වයක් යටතේ වුවත් සැළකිව යුතු ඉල්ලුමක් තිබෙන නිසාත්, මම ආහාර විජලනය කිරීමේ ක්ෂේත්‍රයට යොමුවුණා. මුලින් අන්තර්ජාලය ඔස්සේ දැනුම ලබාගෙන තමයි ව්‍යාපාරය ආරම්භ කළේ. දිවුල් වාරයේදී අපේ රටේ වියළි කලාපයට අයත් ප්‍රදේශවල ගස් යට දිවුල් කුණුවෙනවා. මම කල්පනා කළා දිවුල්වලින් ඇයි චොකලට් එකක් නිෂ්පාදනය කරන්න බැරි කියලා. මුලින් දිවුල් විජලනය කිරීම මඟින් පවුඩර් එකක් හදාගත්තා. කොකෝවා හා යම් අනුපාතයකට මිශ්‍රකිරීම මඟින් ඉතා සාර්ථකව දිවුල් චොකලට් නිෂ්පාදනය කරන්න හැකි වුණා. ඉදිරියේදී තවත් නව නිෂ්පාදන කිහිපයක් බිහිකරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.” යැයි සුචී හෝල්ඩින්ස් නිර්මාතෘ සුචින්ද්‍ර දිළුම් සංජීව වැඩිදුරටත් පවසයි. (දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart