January 27, 2025

‘ඔබටත් මටත් හුස්මට නිදහසක්’ මැයෙන් ශ්‍රී ලංකා පෙනහළු රෝග විශේෂඥ වෛද්‍ය සංගමය විසින් 15 වැනි වතාවටත් සංවිධානය කරන ශ්වසන රෝග පිළිබඳ අන්තර්ජාතික ශාස්ත්‍රීය සමුළුවක් වන “RESPIRE 2025” සමුළුව 2025 පෙබරවාරි මස 08 වැනිදා සිට 12 වැනිදා දක්වා කොළඹ දී පැවැත්වීමට තීරණය කර ඇති බව ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සමන්මලී දල්පතාදු පැවසුවාය.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී ඊයේ (22) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඇය එසේ කීවාය.

මෙහි දී අදහස් දැක් වූ ළමා ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා මෙසේ කීය.

“මිනිස් සිරුරේ සම හැරුණු විට බාහිර පරිසරයට නිරාවරණය වන වැඩිම පද්ධතිය වන්නේ ශ්වසන පද්ධතිය. එමනිසා ශ්වසන රෝග වැළදීමේ ප්‍රවනතාවය අද රට හමුවේ දැකිය හැකි විශාල ප්‍රවනතාවයක් වෙනවා. යම් පුද්ගලයෙක් දිනකට ජලය ලීටර් 2ක් හෝ 3 ක් ජලය පානය කළ යුතුයි. පුද්ගලයෙක් විනාඩියකට 12 වතාවක් පරිසරයේ ඇති වායුව හුස්ම ගැනීම හරහා තම ශරීරයට ඇතුළත් කර ගන්නවා. ඒ අනුව මිනිසෙකු පැය 24 ක කාලයක් තුළ වාතය ලීටර් 8000 ත් 10 000 ක ප්‍රමාණයක් ශ්වසන පද්ධතිය හරහා ශරීරයට ලබාගන්නවා. ඒ ආකාරයට වාතය ලබාගන්න විට එම වාතයේ ඇති අහිතකර ද්‍රව්‍ය ශ්වසන මාර්ගය හරහා ශරීරයට ඇතුලත් වීම සිදුවෙනවා. එය විවිධ රෝග මෙන්ම ශ්වසන රෝග වැළදීමට ද බලපානවා.

දරුවන් ගැන කතා කිරීමේ දී අහිතකර වායු දූෂණය නිසා දරුවන් සියයට 50කට ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග සෑදීමේ නව ප්‍රවනතාවයක් රටෙහි දැකිය හැකියි. දරුවන් නිතර අසනීප වන්නේ මේ නිසා. මේ සම්බන්ධයෙන් වැඩිහිටියන් දැඩි අවධානයෙන් සිටිය යුතු වෙනවා. දරුවන් හුස්ම ගැනීමේ දී යම් අපහුතාවයක් සිටීනම් මේ ගැන වෛද්‍ය උපදෙස් ලබාගත යුතුයි. ඇඳුම හා හතිය ආදී නිදන්ගත රෝග ද ඒ නිසා ඇති විය හැකියි. මේ නිසා ඇඳුම රෝගය සමනය කරගන්නට අප ජනතාවට ළමයින්ට පහසුකම් ලබාදෙනවා. ශ්වසන ආචාර ධර්ම පිළිපැදීම තුළින් දරුවන්ට මෙම රෝග වලින් ආරක්ෂා කරන්නට හැකියාවක් තිබෙනවා.”

ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සමන්මලී දල්පතාදු එහිදී මෙසේ කීවාය.

“ඔබ අත ඇති ජංගම දුරකතන වලින් ගේම් ගහන ඒක නතර කර දවසකට එක් රෝගයක් හෝ සම්බන්ධයෙන් දැනුවත් තොරතුරු දැන ගන්න කටයුතු කරන්නේ නම් වැදගත් වෙනවා. ඒ නිසා ඔබ රෝග සම්බන්ධයෙන් දැනුවත් විය හැකියි. ඇඳුම ගැන නොදෑනීම මිත්‍යා මත හේතු මෙම රෝගය රටෙහි වැඩිවීමට හේතු වී තිබෙනවා. අපි බෙහෙත් බොනවා. නමුත් පෙහැල්ල සම්බන්ධයෙන් එම බෙහෙත් පානය කරාට පෙනහැල්ලට ප්‍රතිපලය ලැබෙන්නේ සීමිත ප්‍රමාණයක් පමණයි. බොන බෙහෙත් හාරසිය වතාවක්වත් පානය කළ යුතුයි පෙනහැල්ලට ඉන් සුවයක් ගන්නට නම්. ඒ නිසා අප පෙනහැල්ලට බෙහෙත් ගන්නවා නම් කෙළින්ම ඒ බෙහෙත් පෙනහැල්ලට යන ආකාරයට නාසය හරහා එකී ඔසු ලබා ගන්නට සිදුකරනවා නම් වැදගත් වෙනවා. ස්වසන මාර්ගයෙන් ගන්නේ නම් ඒ අනුව වැදගත් වෙනවා.

ඒ නිසා ක්ෂණිකව ගන්නට හරි විදියට ඉන්හේලර් භාවිතා කිරීම තුළින් පෙනහැල්ලට බෙහෙත් ගත හැකියි. අපිට ඇඳුම නැ කියලා හිතන්න එපා. ඇඳුමට අවශ්‍ය වූ නව බෙහෙතක් අප ගෙන්වන්නට මේ වන විට පියවර ගෙන තිබෙනවා. ඇදුම රෝගින් සඳහා නව එන්නත්ද ගෙන්වන්නට ඉදිරියේ දී රජයේ අවධානය යොමුව තිබෙනවා. ඇඳුම මරාන්තිකයි. අද පවතින වෛරස් රෝග නිසා අප සමාජය පරිස්සම් විය යුතුයි. සෞඛ්‍ය පුරුදු පිළිපැදීම තුළ මෙම රෝගයෙන් මිදිය හැකියි. පාර පුරා කෙළ ගහන්න එපා. ඒ තුළින්ද අපට රෝග වෛරස් වාතය හරහා එක් විය හැකියි. පාරේ කෙළ ගසනවා නම් එය වැරදියි. මෙය රෝග රැසකට හෙතු වෙනවා. ඇඳුම නිසා විශාල පිරිසක් අප රටේ මෙන්ම ලෝකයේ ද මිය යනවා. ලංකාවේ තුන්දෙනෙක් අතුරින් දෙදෙනෙකුට ඇඳුම රෝගය ඇති වීමේ ප්‍රවනතාවයක් දැකිය හැකියි.”

උරස් ශල්‍ය විශේෂඥ වෛද්‍ය සමන් ඉද්දගොඩ එහිදී මෙසේ කීය.

“උරස් ශල්‍ය වෛද්‍යවරු වසර 20 ක් තුළ රටට බිහිවි ඇත්තේ 5 දෙනෙක් විතරයි. ලංකාවේ වසරකට පිළිකා රෝගින් 4000 කට පමණ වැලිසර ළය රෝහලෙන් ප්‍රතිකාර කර තිබෙනවා. ජනතාවට පෙනහඵ පිළිකා දැනුම අඩුයි.ලංකාවේ පිරිමන්ට වැළදෙන රෝග අතරින් දෙවන ස්ථානය ගන්නේ පෙනහළු පිළිකාය. දුම්පානය කිරිමේ ප්‍රවනාතවය වැඩිවීම ද පෙනහළු පිළිකා ඇති වීමට බලපාන බව පෙන්වා දිය හැකියි. ලංකාවේ නවතම පෙනහළු පිළිකා අතරේ ගත් කළ තරුණ කාන්තාවන්ට පිළිකා සැදීමේ ප්‍රවනතාවය වැඩි වී තිබෙනවා. පිරිමි පුද්ගලයන් දුම්පානය කිරීම අඩු මට්ටමක ඇති නමුත් ලංකාවේ කාන්තාවන් දුමපානය කිරීමේ වැඩි ප්‍රතිශතයක් තිබෙනවා. ඒ නිසා තරුණ කාන්තාවන්ගේ පෙනහළු පිළිකා ඇතිවීමේ ප්‍රවනතාවය ද මේ නිසා වැඩි වී තියනවා. දුම්පානය කිරීම තුළ පෙනහළු පිළිකා රෝගය වැලදීමේ වැඩිවිය හැකියි. ලංකාවේ තරුණ පිරිස දුම්පානය කිරීම හා වෙනත් මත්ද්‍රව්‍ය පානය කිරීම තුළින් ද පෙනහළු පිළිකා ඇතිවීමේ වැඩි ඉඩ කඩක් තිබෙනවා. විෂ මත්ද්‍රව්‍ය පානය කිරීම නිසා මේවන විට තරුණ පිරිස අතරේ ද පෙනහළු පිළිකා වැලදීමේ වැඩිවීමක් දැකිය හැකියි.”

 

42.31%
17.27%
32.76%