July 31, 2024

කොළඹ සිට වවුනියාව බලා ධාවනය වූ සුඛෝපබෝගී බස් රථයක යතුරුපැදියක් ගැටීමෙන් ඊයේ ඛේදජනක අනතුරක් සිදුවිය.

මෙම අනතුරින් යතුරුපැදියේ ගමන්ගත් කාන්තාවකගේ හිස සිරුරින් වෙන් වී ඇති බව පරික්ෂණ පවත්වන නොච්චියාගම පොලිසිය පවසයි.

අනතුරින් මියගොස් ඇත්තේ රාජාංගණය යාය 15 ලිපිනයේ පදිංචි 34 හැවිරිදි කාන්තාවකි.

එම කාන්තාව සිය සැමියා සමඟ යතුරුපැදියකින් නොච්චියාගම දෙසට යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති අතර අනතුරින් ඇයගේ සැමියාට සුළු තුවාල සිදුව ඇති බව වාර්තා වේ.

බස් රථය අධික වේගයෙන් ධාවනය කිරීමත්, බස් රථයේ රියදුරුට වේගය පාලනය කර ගැනීමට නොහැකි වීමත් හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව පරික්ෂණ පවත්වන නොච්චියාගම රපොලිසිය සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන වෛද්‍ය වාර්තාවක් සඳහා නොච්චියාගම රෝහලට ඇතුළත් කර ඇති අතර සැකකාර රියදුරු යාපනය ප්‍රදේශයේ අයෙකු බව වාර්තා වේ.

May be an image of 2 people and text

42.31%
17.27%
32.76%