September 21, 2024

මිරිහාන, පැඟිරිවත්ත, සන්තානම්පිටිය ප්‍රදේශයේ නිවසකදී තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කර තිබේ.

එලෙස මියගොස් ඇත්තේ 35 හැවිරිදි කාන්තාවක් බව පොලීසිය පවසයි.

එම නිවසේ මීට පෙර රියදුරෙකු ලෙස සේවය කළ පුද්ගලයෙකු විසින් අදාළ කාන්තාව ඝාතනය කර ඇති බව ද පොලීසිය පවසයි.

ඝාතනය සම්බන්ධයෙන් අවශ්‍යව සිටින සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මිරිහාන පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.