Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සුනඛයකු එල්ලා මරා දමන ආකාරය දැක්වෙන සමාජ මාධ්‍ය සටහනක් අනුව මාන්කුලම් පොලිසිය විසින් වයස අවුරුදු 48ක කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.
මාන්කුලම් පදිංචිකාරියක වන සැකකාරිය අපරාධ නඩු විධාන පනත සහ 1907 අංක 13 දරන සත්ව හිංසනය වැළැක්වීමේ ආඥා පනත යටතේ අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග පැවසුවේ කාන්තාව අධිකරණයට ඉදිරිපත් කරන බවත්, මාන්කුලම් පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරන බවත්ය.
මුලතිව් දිස්ත්‍රික්කයේ ඔඩ්ඩුසුඩාන්හි සමථ මණ්ඩලයක් විසින් එළුවකු සපා කෑ සුනඛයකු එල්ලා මැරීමට තීන්දුවක් නිකුත් කර ඇති බවට සත්ව සුභසාධන සන්ධානය (AWC) විසින් කරන ලද චෝදනාවලින් පසුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
කණ්ඩායම් දෙකක් අතර ගැටුමක් විසඳීම සඳහා මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.
සත්ව සුභසාධන සන්ධානයේ විධායක කමිටු සාමාජික වෛද්‍ය චමිත් නානායක්කාර පවසන්නේ සිද්ධිය පිළිබඳ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර වෙත ලිපියක් යවා ඇති බවයි.
එම ලිපියට අනුව, මෙම සිද්ධිය සෙනසුරාදා (25) වාර්තා වී තිබේ.
කණ්ඩායම් දෙක අතර ගැටුමට විසඳුමක් ලෙස ඔඩ්ඩුසුඩාන්හි සමථ මණ්ඩලය විසින් සුනඛයා එල්ලා මැරීමට නියෝගයක් නිකුත් කර ඇති බව වාර්තා වේ
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart