42.31%
17.27%
32.76%
October 16, 2023

රුසියානු යුද්ධය සමඟ තෙල් මිල ඉතා විශාල ලෙස පහත වැටිණි. සම්බාධක පැනවීම හේතුවෙන් රුසියානු කලාපයේ ඩීසල් පෙට්රල් මෙට්‍රික් ටොන් එකක් 420- 480 දක්වා පහළ ගියේය.

ඉන්දියාව බංගලිදේශය වියට්නාමය වැනි රටවල් මෙහි ප්‍රතිලාභ ලබාගනිමින් එම කලාපයේ රටවල්වලින් තෙල් මිලදී ගන්නේය. එහි ඩීසල් ලීටරයක උපරිම මිල වෙන්නේ රුපියල් එකසිය 125 ක් පමණි.

අවාසනාවකට තෙල් සංස්ථාව තවමත් මිල දී ගන්නේ සිංගප්පූරු Platts මිල ගණන් අනුවය. එහි ඩීසල් මෙට්‍රික් ටොන් එකක් ඩොලර් හත්සියයකට ඉහළය. එනම් ඩීසල් ලීටරයක් රුපියල් 180 ක් පමණය.

තෙල් මිලදී ගැනීමේදී සිංගප්පූ platts මිලට අමතරව නැව් ගාස්තු රක්ෂණ ගාස්තු ඇතුළත්වන ප්‍රිමියම් එකක්ද එක්කෙරේ.

මෙම ප්‍රිමියම් එක පසුගිය දශක කිහිපයක් තුළ ඩොලර් 0.5 — 2.8 උපරිමයට තිබිණි.එහෙත් ප්‍රසම්පාදනයෙන් බැහැර unsolicited මිලදී ගැනීමේ ක්‍රමවේදය නිසා සිංගප්පූ මිලට එකතු වන ප්‍රිමියම් අගය 15 සිට 28 දක්වා ඉහළ ගොස් ඇත.

තෙල් සැපයුම් කරන සමාගම් 2-3:කට පමණක් ඒ අවස්ථාව උදාකර දී ඇත. මේ සමාගම් රජයට බොහෝ සම්බන්ධකම් ඇති පුද්ගලයන් හරහා ක්‍රියාත්මක වේ.

තෙල් මිල ඩොලර් එකකින් වැඩිවීම යනු ආසන්න වශයෙන් එක නැවකින් රුපියල් කෝටි 09ක වැඩිවීමකි. ප්‍රිමියම් එක ඩොලර් 20 කින් වැඩි වූ විට තෙල් නැවක වැඩිවීම කෝටි 180කි.

මෙම නැව් සමාගම් තෙල් ගෙන්වන්නේ ද රුසියානු කලාපයේ රටවලිනි. එහෙත් අපට දෙන්නේ සිංගප්පූරු මිලටය. එ

මඟින් තෙල් මෙට්‍රික් ටොන් එකකින් ඩොලර් 200ක පමණ ආදායමක් ලබන්නේය. ආයතනයේ නිලධාරීන්ට සහ බලධාරීන්ට අල්ලස් දීමෙන් මෙම සමාගම් 2-3පමණක් මෙලෙස අසීමිත ආදායමක් ලබාගැනීමේ ඒකාධිකාරය ලබාගෙන ඇත.

මෙම Unsolicited ක්‍රමවේදයම වුවද තරගකාරී ටෙන්ඩර් ක්‍රමයකින් ලබාගත්තේ නම් මෙම ප්‍රිමියම් අගය ඩොලර් 3-4 දක්වා අඩු කර ගත හැකිව තිබිණි.

රජය කළ යුතුව තිබුණේ රුසියානු කලාපයේ සම්බාධක නොමැති රටකින් දීර්ඝකාලීන තෙල් සැපයුම් කොන්ත්‍රාත්තුවකට අත්සන් කර තෙල් මිලදී ගැනීමයි.

රටට තවදුරටත් විනකරන මෙම ‘අල්ලස් ක්‍රමවේදය’ තවදුරටත් ක්‍රියාත්මක වීමට ඉඩහැර බලාසිටින විෂයභාර ඇමැති කංචන විජේසේකරට පහත දැක්වෙන ප්‍රශ්න කිහිපය තෙල් සංස්ථා සේවකයෝ යොමුකරති.

– දීර්ඝකාලීන ටෙන්ඩර් ක්‍රමවේදය අනුව තෝරාගත් සැපයුම්කරුවකු ගෙ ටෙන්ඩරය අවලංගු කර එම තෙල් සැපයුම Unsolicited හෝ spot tender ක්‍රමයකට යොමුකර තිබේද?

– එසේ කළා නම් එම තීරණය ගනු ලැබුවේ කවුරුන් විසින්ද?

– නැවත මිලදී ගැනීමේදී Term tender මිලට වඩා වැඩි මිලකට මිලදී ගත්තේද?

– එම මිල වැඩිවීම හේතුවෙන් සංස්ථාවට වුණු පාඩුව කොපමණද?

– එම පාඩුව අදාළ වැරදි තීරණය ගත් පුද්ගලයන්ගෙන් අය කරගන්නේද?

– බොරතෙල් මිලදී ගැනීමේදී සංස්ථාව මෙතෙක් අනුගමනය කරන ටෙන්ඩර් ක්‍රමයට පරිබාහිරව සැපයුම්කරු විසින් නියම කරන ලද ප්‍රමාණයට මුදල් ගෙවා තිබේද?

– එම ප්‍රමාණය ගොඩබෑමෙන් පසු නොතිබුණු බව තහවුරු වීද?

– එසේ අහිමිවුණු තෙල් ප්‍රමාණය කොපමණද?

– ඒ සඳහා ගෙවන ලද මුදල් ප්‍රමාණය කොපමණද?

– කිසිදු සිහිබුද්ධියක් ඇති අයකු විකුණන්නාගේ ප්‍රමාණය සහ ප්‍රමිතිය පමණක් පිළිගෙන මුදල් ගෙවන්නේද?

– එසේ තීරණ ගත් නිලධාරීන් කවුරුන්ද?

– ඔවුන්ට විරුද්ධව ගත් ක්‍රියාමාර්ග මොනවාද?

42.31%
17.27%
32.76%