Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වර්ෂ 2048 වන විට ශ්‍රී ලංකාව දකුණු කොරියාව මෙන් සංවර්ධිත රටක් වනු දැකීමට තමා ප්‍රාර්ථනා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කරයි.
දකුණු කොරියාවේ පැවැත්වෙන 25 වැනි ලෝක බාලදක්ෂ ජම්බෝරියට සහභාගි වන ශ්‍රී ලංකා බාලදක්ෂ දූත පිරිස අමතමින් ජනාධිපතිවරයා මෙසේ සඳහන් කර ඇත.
ජනාධිපතිවරයා එහිදී මෙසේද පවසා තිබේ.
“කොරියාව ලංකාවට වඩා දුප්පත්ව තිබුණා. ඒත් 1965 ඉඳන් ඔවුන් එකතුවෙලා සංවර්ධිත රටක් වෙන්න තීරණය කළා. අපි ඔවුන්ගේ මාර්ගය අනුගමනය කළේ නැහැ. 2048 වන විට ශ්‍රී ලංකාව කොරියාව වැනි සංවර්ධිත රටක් බවට පත්කිරීමට මම බලාපොරොත්තු වෙනවා.
අපි කොරියාව ගිය පාරේ ගියේ නෑ. රට දියුණු කරන්න හිතුවේ නැහැ. අපිට හැමදේම නොමිලේ ලැබිලා, ඕන කරන හැමදේම අහසින් වැටෙයි කියලා හිතුවා. අන්තිමට රට බංකොලොත් වුණා. අපි මේ රට බංකොලොත්භාවයෙන් භාරගත්තේ රට සංවර්ධනය කරන්න මිස, අපි හිටපු තැනට යන්න නෙවෙයි.
රටේ දියුණුව සඳහා අපට පැරණි ක්‍රම භාවිතා කළ නොහැකියි. කොරියානුවන් දැන් සිටින තැනට එන්න ඔවුන්ගේ පැරණි ක්‍රම සියල්ල ඉවත් කළා. ඒ අය අලුතින් හිතලා කාටවත් හිතාගන්න බැරි රටක් වුණා. චීනයත් 1978 දී පැරණි ක්‍රමවලින් මිදී දැන් බලවත්ම රටක් බවට පත්වෙලා. ඒ නිසා 2048 වන විට රට සංවර්ධනය වනු දැකීමට කැපවී කටයුතු කරන ලෙස රටේ සියලු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart