October 30, 2023

ද්විපාර්ශ්වික ගිවිසුම් කඩකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ඉතා විශාල වන්දියක් ගෙවීමට සිදුවන බවට දැඩි චීන ගැති ස්ථාවරයක පසුවන ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අනතුරු අඟවා තිබේ.

මන්ත්‍රීවරයා මේ බව පවසා ඇත්තේ, විදේශ බලවතුන්ගේ බලපෑම් හේතුවෙන් චීන පර්යේෂණ නෞකාවක් වන ෂී යැන් 6 හි මෙරට සංචාරය රජය ප්‍රමාද කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

පසුගියදා චීනයේදී නිමවූ අන්තර්ජාතික සහයෝගීතාව සඳහා වන 03වැනි තීරය සහ මාර්ග සංසදයට සහභාගීවීම සඳහා විමල් විරවංශටද ආරාධනා ලැබී තිබිණි.

ඔක්තෝම්බර් මස මුල් සතියේ කොළඹ වරායට ලඟාවීමට නියමිතව තිබූ ෂී යැන් 6 චීන නෞකාව කොළඹට පැමිණියේ පසුගිය 27 වැනිදාය.

ඉන්දීය ජනමාධ්‍යය විසින් මෙය හඳුන්වා දී ඇත්තේ ඔත්තු බැලීමේ නෞකාවක් ලෙසිනි.

චීනය සමග ශ්‍රී ලංකාවේ ද්විපාර්ශ්වික සබඳතාවලට නිරතුරුවම මැදිහත් වීම සම්බන්ධයෙන් වීරවංශ මන්ත්‍රීවරයා ඉන්දියාව සහ එක්සත් ජනපදය දෝෂ දර්ශනයට ලක්කර ඇත.

ආන්ඩුව නිතිපතා ඉන්දියානු සහ එක්සත් ජනපද බලපෑම් වලට ලක්වීම හේතුවෙන් ශ්‍රී ලංකාවට චීනයෙන් අවශ්‍ය සහාය ලබා ගත නොහැකි බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

42.31%
17.27%
32.76%