August 29, 2024

රනිල් වික්‍රමසිංහ දේශපාලන උපාමාරු හරහා ජනාධිපති ධුරයේ රැඳී සිටීමට කුමන්ත්‍රණය කරන බවටත් එය 2022 මැයි 09 වැනි දින වූ සිදුවීම්වලට සමාන ප්‍රචණ්ඩත්වයකට හේතු විය හැකි බවටත් විමල් වීරවංශ මන්ත්‍රීවරයා අනතුරු අඟවයි.

මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා කියා සිටියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එක්සත් කිරීමට අමෙරිකාව ශ්‍රී ලංකාවේ සිටින සිය තානාපතිවරිය සමඟ නිරතුරුව උත්සාහයක නිරත වන බවයි.

“යම් හේතුවක් නිසා සජිත් ප්‍රේමදාස මේකට එකඟ වුණේ නැහැ. නමුත් රනිල් වික්‍රමසිංහ සජිත්ව හෙළිදරව් කරනවා. තලතා අයින් කළා, අඩුම තරමින් තව පහක් හයක්වත් යයි කියලා මට ආරංචියි. ඉතින් මේකෙන් දුර්වල වෙන්නේ කවුද?’’ යනුවෙන් පසුගියදා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී තලතා අතුකෝරල පාර්ලිමේන්තුවෙන් ඉවත්වීම ගැන සඳහන් කරමින් වීරවංශ ප්‍රශ්න කළේය.

ප්‍රේමදාස දුර්වල තත්ත්වයකට පත්වන බවත් එය තුන්වැනි පාර්ශ්වයකට උපකාර වන බවත් මන්ත්‍රීවරයා පැවසීය.

මෙම තුන්වැනි පාර්ශ්වය මැතිවරණයට පෙර ප්‍රචණ්ඩත්වය මුදා හැරීමට කුමන්ත්‍රණය කරන බවත්, එය අවසානයේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතැම් විධිවිධාන යටතේ ධුරයේ රැඳී සිටීමට උපකාර වන බවටත් මන්ත්‍රීවරයා චෝදනා කළේය.

මීළඟ ජනාධිපතිවරයා බලයට පත්වන තුරු වත්මන් ජනාධිපතිවරයා එම ධුරයේ රැඳී සිටිය යුතු බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන ඇතැයි වීරවංශ පැවසීය.

“කවුද ධුරයේ රැඳී සිටින ජනාධිපතිවරයා? රනිල්” යැයි මන්ත්‍රීවරයා කීවේය.

42.31%
17.27%
32.76%