December 18, 2023

සිංගප්පූරුවෙන් කොවිඩ් ආසාදිතයන් 50,000ක්, කේරළයෙන් කොවිඩ් නව උප ප්‍රභේදයක් වන JN.1 සහ තමිල්නාඩුවෙන් අලුතින් රෝගීන් අටක් වාර්තාවීමත් සමඟ, මුහුණු ආවරණ යළි පැළඳීම පිළිබඳ ලොව පුරා අවධානය යොමුව තිබේ.

සිංගප්පූරුවේ සතියක් තුළ රෝගීන් 56,000ක් වාර්තා වූ අතර එය පුරවැසියන්ට සහ සංචාරකයන්ට උපදේශනයක් නිකුත් කිරීම සඳහා එරට සෞඛ්‍ය අමාත්‍යංශය මෙහෙයවීය.

ඉකුත් දෙසැම්බර් 3 සිට 9 දක්වා සතිය තුළ සිංගප්පූරුවෙන් කොවිඩ් 19 රෝගීන් 56,043ක් වාර්තා වී ඇති අතර එය පෙර සතියේ වාර්තා වූ රෝගීන් 32,035 සිට කැපී පෙනෙන ඉහළ යෑමක් බව එරට සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

දෙසැම්බර් 10 වැනිදා වන විට අවම වශයෙන් තවත් රටවල් 40කින් පමණ නව උප ප්‍රභේදය වාර්තා වී තිබිණි.

මෘදු හා රෝග ලක්ෂණ නොමැති රෝගීන් 7 දෙනෙකු චීනයෙන් වාර්තා වී ඇත.

චීන සෞඛ්‍ය බලධාරීන්ට අනුව චීනයේ ආසාදන තත්ත්වය අඩු වසංගත මට්ටමක පවතින අතර ශ්වසන රෝග කාරක නිරීක්ෂණය කිරීමේදී නොදන්නා වෛරස් හෝ බැක්ටීරියා කිසිවක් හමු වී නොමැත.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවලට අනුව, නොවැම්බර් 21 දින, BA.2.86 ප්‍රභේදය ගෝලීය නිරීක්ෂණ අවශ්‍ය මට්ටමේ සිට අවධානය යොමුකළ යුතු මට්ටම දක්වා අවදානම අඩු ලෙස ඇගයීමට ලක්කර තිබේ.

එක්සත් ජනපදයෙන් ද කොවිඩ්-19 සහ අනෙකුත් උණ රෝග සඳහා රෝහල්ගතවීම් වැඩි වී ඇති අතර යාවත්කාලීන කරන ලද දත්තවලට අනුව,දෙසැම්බර් 09න් අවසන් වූ අඛණ්ඩ සිව්වන සතියේදී කොවිඩ්-19 රෝහල්ගත කිරීම් 23,432 දක්වා ඉහළගොස් තිබේ.

මේ අතර ඉන්දියාවේ තමිල්නාඩු මහ ඇමැති එම්.කේ.ස්ටාලින් ප්‍රාන්තයේ වෛද්‍ය යටිතල පහසුකම් වැඩිදියුණු කළ අතර සෞඛ්‍ය ඇමැති මා සුබ්‍රමනියම් ජනතාවගෙන් ඉල්ලා සිටියේ අසල්වැසි කේරළයේ රෝගීන් වැඩිවීම පිළිබඳ කලබල නොවන ලෙසයි.

කර්නාටක ප්‍රාන්තය මේ වන විට කොවිඩ් -19 සක්‍රීය රෝගීන් 58ක් වාර්තා කර ඇති බව සෞඛ්‍ය ඇමැති දිනේෂ් ගුණ්ඩු රාඕ ප්‍රකාශ කළේය.

රෝහල්වල පරීක්ෂණ ද වැඩි කර ඇත.

නව කොවිඩ් 19 ප්‍රභේදයක් පිළිබඳ වාර්තා මධ්‍යයේ රාඕ පැවසුවේ, පසුගිය මාස තුන තුළ මේ දක්වා කොවිඩ් 19 හේතුවෙන් එක් මරණයක් සිදුවී ඇති නමුත් මියගිය පුද්ගලයාට වෙනත් රෝගාබාධ ද තිබුණු බවයි.