Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තම අධිකාරි බලය අනිසි ලෙස භාවිත කරන ඕනෑම පොලිස් නිලධාරියකුට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් පවසයි.
පොලිස් නිලධාරීන් විසින් යුක්තිය මෙහෙයුම අවභාවිත කිරීම සහ අල්ලස් ලබාගනිමින් අපරාධකරුවන් සමඟ සම්බන්ධ බවට එල්ල වන චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.
එවැනි සිදුවීම් කිසිවක් නොඉවසන බවත්, එවැනි චෝදනාවලට සම්බන්ධ ඇතැම් පොලිස් නිලධාරීන්ට එරෙහිව දැනටමත් පියවර ගෙන ඇති බවත් ඇමැතිවරයා සඳහන් කර තිබේ.
ඇතැම් පොලිස් ස්ථාන විසින් සුළු වැරදි සඳහා යුක්තිය මෙහෙයුම යටතේ පාසල් සිසුන් ඇතුළු අහිංසකයන් අත්අඩංගුවට ගන්නා බවත්, ඔවුන්ට අපරාධ නඩු විධාන පනතේ 54 පනත යටතේ අසාධාරණ ලෙස චෝදනා එල්ල වන බවත් පසුගියදා මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු චෝදනා කර තිබිණි.
හන්දිවල සහ මාර්ගවල ගැවසෙන තරුණයන් ද අත්අඩංගුවට ගෙන අපරාධ නඩු විධාන පනතේ 54 පනත යටතේ නඩු පවරන නිසා කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනතාව බරපතළ ප්‍රශ්නවලට මුහුණ දී ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ප්රිය හේරත් පාර්ලිමේන්තුවේදී පැවසීය.
චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් ඇමැති අලස් පවසන්නේ මෙහෙයුම යටතේ අහිංසක මිනිසුන් වැරදි ලෙස රඳවාගෙන සිටින බවට කරන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන අතර එවැනි සිදුවීම් සිදුවන්නට ඇත්තේ යුක්තිය මෙහෙයුම් යටතේ නොව සාමාන්‍ය පොලිස් වැටලීම්වලදී බවයි.
අලස් ඇමැතිවරයා යුක්තිය මෙහෙයුමේ ස්වභාවය පැහැදිලි කරමින් සඳහන් කරන්නේ මත්ද්‍රව්‍යවලට යොමු පුද්ගලයන්ට වඩා හඳුනාගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම කෙරෙහි එහි අවධානය යොමු කරන බවයි.
පොලිසියට එරෙහිව මතුව ඇති ගැටලු පිළිබඳ අවධානය යොමු කළ අලස් ඇමැතිවරයා ඇතැම් පොලිස් ස්ථාන තුළ ගැටලු පවතින බව පිළිගෙන තිබේ.
විෂමාචාරවල නිරත වන නිලධාරීන් වෙතොත් ඔවුන්ට එරෙහිව පියවර ගන්නා බවට ද ඔහු සහතික වී තිබේ.
ඇතැම් පුද්ගලයන්ට ඇතැම් පොලිස් ස්ථානාධිපතිවරුන් සම්බන්ධයෙන් ගැටලු ඇති බැවින් ඔවුන් ඉවත් කිරීමට අවශ්‍ය වී ඇතත් ස්ථානාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් හෝ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඉවත් කිරීමට තමාට නොහැකි බව ද ඇමැතිවරයා සඳහන් කර තිබේ.
එවැනි ක්‍රියාමාර්ග සඳහා ක්‍රියා පටිපාටියක් ඇති බවත් තමන් මෙවැනි කාරණාවලදී දේශපාලන බලපෑම්වලට යටත් වී නැති බවත් ඔහු සඳහන් කරයි.
යුක්තිය මෙහෙයුම සම්බන්ධයෙන් පුද්ගලයන් කිහිප දෙනෙකුගේ අදහස් සම්බන්ධයෙන් තමන් සැළකිලිමත් නොවන බවද ඇමැතිවරයා සඳහන් කළේය.
ඔහු පවසන්නේ ජනතාවගෙන් බහුතරයකට මෙම වැඩපිළිවෙළ ගැන අවබෝධයක් ඇති බවත් මත්ද්‍රව්‍ය සම්බන්ධ සිද්ධීන්වල අඩුවක් ඇත්ද යන්න ඔවුන්ට මැනගනීමට හැකිවනු ඇති බවයි.
මත්ද්‍රව්‍යවලින් තොර රටක් නිර්මාණය කිරීමට කැප වන බවත් අවභාවිත සිද්ධීන්වලට පොලිස් නිලධාරීන් සම්බන්ධ නම් ඔවුන්ට එරෙහිව කඩිනම් සහ තීරණාත්මක ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart