June 29, 2024

නැවත වතාවක් ජන අරගලයක් ඇති කිරීම සඳහා කටයුතු කරන බව ජන අරගල සන්ධානයේ නියෝජිත වසන්ත මුදලිගේ පවසා තිබේ.

ඔහු සඳහන් කර ඇත්තේ මර්දනකාරී පාලනයට එරෙහිව මතවාදීමය වශයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා කටයුතු කරන බවයි.

යු ටියුබ් නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමින්ඔහු සඳහන් කර ඇත්තේ අවශ්‍ය ස්ථානවලදී ඒ වෙනුවෙන් අරගල සිදු කරමින් ඒ සඳහා අවශ්‍ය නායකත්වය ලබා දීමට ද කටයුතු කරන බවයි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය ප්‍රමුඛ තවත් දේශපාලන පක්ෂ කිහිපයක් එක්ව වාමවාදී දේශපාලන ධරාව පෝෂණය කරමින් ජන අරගල සන්ධානය නමින් නව දේශපාලන ව්‍යාපාරයක් ආරම්හ කරන ලද්දේ ඒ වෙනුවෙන් බවද ඔහු මෙහිදී සඳහන් කර තිබේ.

42.31%
17.27%
32.76%