February 4, 2024

තමන් ඇතුළු පක්ෂය ගන්නා තීරණ විවේචනය කරන්නන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කරයි.

ඔහු මෙම ප්‍රකාශය සිදුකරන්නේ, හිටපු හමුදාපති ජෙනරාල් (විශ්‍රාමික) දයා රත්නායක සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස පත්කිරීමට තමන් ගත් තීරණය පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා විවේචනය කිරීමෙන් දින කිහිපයකට පසුවය.

“කවුරුත් මට කතාකරලා කියන්න එපා මම කාටද පක්ෂ සාමාජිකත්වය දෙන්න ඕනේ කියලා. මට උපදෙස් දෙන්න හදන මේ වගේ අයව මම නොසළකා හරිනවා. පක්‍ෂය විවේචනය කරන අයට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්න, එඩිතර තීරණ ගන්න මම පසුබට වෙන්නේ නැහැ” යැයි සති අන්තයේ ගාල්ලේ පැවති රැස්වීමකදී සජිත් ප්‍රේමදාස පැවැසීය.

“සමගි ජන බලවේගයේ සාමාජිකයන්ගේ යුතුකම වන්නේ පක්ෂය ආරක්ෂා කර ඉදිරි මැතිවරණවලදී එය ජයග්‍රහණය කරවීමයි. එම රාජකාරිය කළ නොහැකි අය ඉවත් විය යුතුයි” ඔහු වැඩිදුරටත් පැවසීය.

“සමහරු තාත්තයි මායි අතර සමානකමක් අඳින්න හදනවා. ඒත් මම පිළිගන්නේ තාත්තාගේ සංවර්ධන ආකෘතිය විතරයි. මමයි තාත්තයි අතර මතභේද තියෙනවා” යැයිද ඔහු පැවසීය.

42.31%
17.27%
32.76%