January 24, 2024

ජනපති රනිල් වික්‍රමසිංහ නැවත එළඹෙන ජනාධිපතිවරණයට තරග කරන්නේද? නැද්ද? යන්න තීරණය කිරීම සමීක්ෂණ වාර්තාවක් ලැබීමෙන් අනතුරුව තීරණය කිරීමට බොහෝදුරට ඉඩ ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ වන විටත් ඒ වෙනුවෙන් ස්වාධීන සමීක්ෂණ කණ්ඩායම් දෙකක් අදාළ දත්ත රැස්කිරීම අරඹා ඇති බව පැවැසේ.

ලබන අප්‍රේල් මාසය වන විට එම සමීක්ෂණයේ අවසන් ප්‍රතිඵල ලැබීමට නියමිතව ඇති බවත්, ඉන් බහුතර ජනවරමක් සඳහා අවකාශ පවතින්නේ නම් පමණක්, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට තරග වැදීමට බොහෝදුරට ඉඩ ඇති බවත් අන්තර්ජාල නාලිකාවක් මගින් හෙළිකර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ දක්වා තමන් නිල වශයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත්වන බවට කිසිදු සඳහනක් කර නැත.

42.31%
17.27%
32.76%