Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු සෞඛ්‍ය ඇමැති සහ වත්මන් පරිසර ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල වහා අත්අඩංගුවට ගන්නා ලෙස සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (ACMOA) ඉල්ලා සිටියි.
ඒ ප්‍රමිතියෙන් තොර ඉන්ට්‍රාවේනස් ඉමියුනොග්ලොබියුලින් (IVIG) ආනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙනි.
ව්‍යාජ ලේඛන යොදා ගනිමින් IVIG මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත ඇතුළු කිහිපදෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
එම අත්අඩංගුවට ගැනීම් සමඟ අදාළ සිද්ධිය වන අවස්ථාවේ සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කළ රඹුක්වැල්ලට එරෙහිව පියවර ගන්නා ලෙස පාර්ශව කිහිපයක් ඉල්ලා තිබේ.
ඊයේ (21) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයයේ ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර කියා සිටියේ, සිද්ධිය සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින චන්ද්‍රගුප්ත ඇතුළු සැකකරුවන් එවකට සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අනුදැනුම මත මෙම වංචාව සිදුකළ බවයි.
මේ අතර, මහජන ආරක්ෂාව පිළිබද ඇමැති ටිරාන් අලස් පවසා ඇත්තේ ඇමැති රඹුක්වැල්ල අත්අඩංගුවට ගන්නේ මාධ්‍ය හෝ දේශපාලන පක්ෂ ඉල්ලා සිටින පරිදි නොව, ඔහුට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් කළහොත් පමණක් බවයි.
“සාක්ෂි තිබිය යුතුයි. මාධ්‍ය සහ දේශපාලන පක්‍ෂ ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා සිටි පමණින් එය සිදුවන්නේ නැහැ. මෙම සිද්ධියට අදාළව සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගත් අවස්ථාවේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා අත්අඩංගුවට ගන්නා ලෙස පාර්ශව කිහිපයක් ඉල්ලා සිටි නමුත් ඔහුට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් කරන තුරු ඔහු අත්අඩංගුවට ගත්තේ නැහැ. එහෙම සාක්ෂි තිබුණොත් සී.අයි.ඩී එකෙන් එයාව අත්අඩංගුවට ගන්නවා” ඇමති අලස් වැඩිදුරටත් සදහන් කර තිබේ.(The morning)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart