Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාසල් සිසුන්ගේ මානසික සෞඛ්‍යය තක්සේරු කිරීම සඳහා මනෝවිද්‍යා ගුරුවරුන් බඳවා ගැනීම වැනි වැඩසටහන් දැනටමත් ක්‍රියාත්මක බවත්, අධ්‍යයන කටයුතු සඳහා විදේශගතවන්නන් ඉලක්ක කර ගනිමින් එවැනි වැඩසටහනක් දියත් කිරීම සම්බන්ධයෙන් අදාළ අනෙකුත් පාර්ශ්ව සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කළේය.
අධ්‍යාපන රාජ්‍ය ඇමැති අරවින්ද් කුමාර් කියා සිටියේ පාසල් සිසුන්ගේ මානසික සෞඛ්‍යය සම්බන්ධයෙන් ඔවුන් දැඩි අවධානයක් යොමු කරන බවයි.
“අපි අයදුම්පත් කැඳවලා මනෝවිද්‍යා ගුරුවරුන් බඳවා ගන්නවා. පාසල් සිසුන්ගේ මානසික සෞඛ්‍යය තහවුරු කිරීම සඳහා මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මකයි.” යනුවෙන් ඔහු පැවසීය.
අධ්‍යයන කටයුතු සඳහා විදේශගත වන අයගේ මානසික සෞඛ්‍යය තක්සේරු කිරීම සම්බන්ධයෙන් ඔහු පැවසුවේ “මෙය විවිධ පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡා කළ යුතු කාරණයක්. අපි මේ ගැන අධ්‍යයනය කරලා තීරණයකට එනවා.” යනුවෙනි.
කැනඩාවේ උසස් අධ්‍යාපනය සඳහා රට හැර ගිය 19 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයකු එරටදී ශ්‍රී ලාංකිකයන් හය දෙනෙකු ඝාතනය කර එම පවුලේ පියාට බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියත් සමග සැකකරු පෙළෙන බව කියන මානසික සෞඛ්‍ය ගැටලු සම්බන්ධයෙන් දැඩි කතාබහක් ඇතිවිය.
මෙම සිද්ධිය සැළකිල්ලට ගනිමින් උසස් අධ්‍යාපන කටයුතු සඳහා විදේශගත වන සිසුන්ගේ මෙන්ම පාසල් සහ විශ්වවිද්‍යාල සිසුන්ගේ මානසික සෞඛ්‍ය තක්සේරු කිරීමට සුදුසු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව රෝහිණී කුමාරි විජේරත්න කවිරත්නගේ ප්‍රධානත්වයෙන් යුත් ළමා කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී මණ්ඩලය පසුගියදා පෙන්වා දුන්නේය.
“ශ්‍රී ලංකාවේ දරුවන් බොහෝ විට යැපෙන්නේ මව්පියන්ගෙන්. එවැනි දරුවකුට උසස් අධ්‍යාපනය සඳහා පිටරට ගොස් තනිව ජීවත් වීමට සිදු වූ විට මානසික සෞඛ්‍ය ගැටලු ඇති වීමේ ඉඩකඩ වැඩියි. එසේම ලංකාවේ පාසල් සිසුන්ට ඉතා සංකීර්ණ විෂය මාලාවක් හැදෑරීමට සිදුව තිබෙනවා. ඔවුන්ගේ නිවෙස්වල බොහෝ ආර්ථික දුෂ්කරතා තිබෙනවා. විශ්වවිද්‍යාල සිසුන්ට අවශ්‍ය පහසුකම් නැහැ, ඔවුන්ගේ අධ්‍යයන කාලය තුළ ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලීමට ප්‍රමාණවත් ආදායමක් උපයා ගැනීමට ක්‍රමයක් නැහැ. උසස් අධ්‍යාපනය අවසන් කිරීමෙන් පසු රැකියාවක් ලබා ගැනීම ද ඉතා දුෂ්කරයි. මේ සියලු හේතූන් නිසා ඔවුන්ගේ මානසික සෞඛ්‍යය තක්සේරු කිරීමේ ක්‍රමවේදයක් තිබිය යුතුයි.” යනුවෙන් ඇය පැවසුවාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart