Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විල්පත්තු ජාතික වනෝද්‍යානය තුළ මෑතකදී සුනඛයකුට දිවියකු පහරදෙන ආකාරය දැක්වෙන වීඩියෝව පිළිබඳව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පැහැදිලි කර ඇත.
දෙපාර්තමේන්තුව පවසන්නේ, අදාළ සුනඛයාව කිසිවකු විසින් උද්‍යානයට ගෙන ඒම නිසා මෙය සිදුවූවක් නොවන බවයි.
සංචාරකයන් හට පෙන්වීම සඳහා දිවියන් ආකර්ෂණය කර ගැනීම වෙනුවෙන් සුනඛයන් භාවිතා කරන්නේද යන්න පිළිබඳව කනස්සල්ලක් මතුකළ මෙම වීඩියෝව හේතුවෙන් වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල් එම්.ජී.සී. සූරියබණ්ඩාර මෙම පැහැදිලි කිරීම නිකුත් කර තිබේ.
දෙපාර්තමේන්තු මට්ටමින් සිදුකළ විමර්ශනයට අනුව, මෙම සිදුවීම 2025 ජනවාරි 29 වන දින උද්‍යානයේ කුඹුක්විල ප්‍රදේශය අසල සිදුව තිබේ.
මෙම සුනඛයා රන්දගම, හුණුවිලගම ගොවියෙකුට අයත් මුර බල්ලෙකු ලෙස හඳුනාගෙන ඇති අතර, සත්වයා තම වගාවන් ආරක්ෂා කරන අතරතුර නිදහසේ සැරිසරන බව දෙපර්හාමේන්තුව පවසයි.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අනුව, සිද්ධිය වූ දින බල්ලා අතුරුදහන් වී ඇති නමුත් පසුදා සත්වයා ආපසු පැමිණ ඇති බව හිමිකරු ප්‍රකාශ කර ඇත.
වනජීවී නිලධාරීන් ප්‍රදේශය පරීක්ෂා කර හිමිකරුගේ ඉඩමේ බල්ලා සිටින බව තහවුරු කර තිබේ.
මේ අතර, සිද්ධිය වූ දිනයේ වනෝද්‍යානයට ගෘහාශ්‍රිත සතුන් හොර රහසේ ගෙන ගිය බවට CCTV දර්ශනවල කිසිදු සාක්ෂියක් නොමැති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
සමාජ මාධ්‍ය ඔස්සේ චෝදනා එල්ල වූ වනජීවී නිලධාරීන්ගෙන් සහ පුද්ගලයන්ගෙන් ලබාගත් ප්‍රකාශවලින් කිසිදු නොගැලපීමක් අනාවරණය නොවූ බවද අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කරයි.
වනජීවී රක්ෂිතවලට ගෘහාශ්‍රිත සතුන් හොර රහසේ ගෙනයෑම වරදක් බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart