October 9, 2024

ලන්ඩනයේ සොබාදම් ඉතිහාස කෞතුකාගාරයේ පැවති 2024 වසරේ වනජීවී ඡායාරූප ශිල්පී සම්මාන උළෙලේ දී ‘ක්ෂීරපායින්ගේ හැසිරීම’ කාණ්ඩයේ ත්‍යාගය දිනා ගැනීමට ශ්‍රී ලාංකික ඡායාරූප ශිල්පියකු සමත් වී තිබේ.

කුරුල්ලන් සහ දිවියන් ඡායාරූප ගතකිරීම සම්බන්ධයෙන් වඩාත් ප්‍රකට හික්කඩුව ලියනගේ ප්‍රසන්ත විනෝද් වැඩිහිටි රිලවකු තුරුලේ සාමකාමීව නිදා සිටින රිලා පැටවකුගේ ඡායාරූපයක් හසු කර ගෙන තිබුණේ වාසස්ථාන අහිමි වීම සහ ගොවි ගැටුම් මධ්‍යයේ මෙම වඳුරන් මුහුණ දෙන අභියෝග ඉස්මතු කිරීමටය.

ඔහුගේ ඡායාරූපය – ‘සන්සුන් මොහොතක්’ ලෙස නම්කර තිබූ අතර සම්මාන උළෙලේ දී ‘ක්ෂීරපායින්ගේ හැසිරීම’ කාණ්ඩයේ ත්‍යාගය ඔහුට ලබා දී ඇත.

මේ අතර, ඉස්ගෙඩියන්ගේ අලංකාර ඡායාරූපයක් හසුකරගෙන තිබූ Shane Gross හට වසරේ වනජීවී ඡායාරූප ශිල්පියාට හිමි සම්මානය ලබා දී ඇත.

 

42.31%
17.27%
32.76%