Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වැටළීමකදී අත්අඩංගුවට ගත් වල්ඌරු මස් කිලෝ 50ක් වෙනුවට නඩු භාණ්ඩ වශයෙන් අධිකරණයට වල්ඌරු මස් කිලෝ 05ක් පමණක් ඉදිරිපත් කර, ඉතිරි කිලෝ 45 පොලිසියේ සාදයකට ගැනීමක් සම්බන්ධයෙන් අකුරැස්ස පොලිසියේ දූෂණ මර්දන අංශයේ හිටපු ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කිරීමට මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා පෙරේදා (4) පියවර ගෙන තිබේ.
මේ නිලධාරියා රාජකාරියේ නිරතව සිටියදී ලද තොරතුරකට අනුව නිලධාරීන් කණ්ඩායමක් සමඟ පරදූව වතුයායට ගොස් විදුලි උගුලක් අටවා මරාදමා තිබුණු වල් ඌරකුගේ මස් කිලෝ 50ක තොගයක් සමග පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් තොරතුරු සඳහන් කළේය.
ඒ මස් තොගය පොලිස් ස්ථානයට රැගෙන විත් සැකකරු සමඟ අධිකරණයට කිලෝ 05ක පමණ ප්‍රමාණයක් ඉදිරිපත් කර සෙසු මස් තොගය පොලිසියේ නිලධාරියකු වෙනුවෙන් පැවැත්වූ සාදයක කටගැස්මට දී තිබී ඇත.
නඩු භාණ්ඩ සාවද්‍ය පරිහරණය, වංක ලෙස හෝ වංචනික ලෙස සැඟවීම හෝ ඉවත් කිරීම යන චෝදනා යටතේ මේ නිලධාරියාට එරෙහිව මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් පැවරීමට පියවර ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart