July 29, 2023

බිරිඳ සමග ගැටුමක් ඇති කර ගත් පුද්ගලයකු පුපුරැස්ස පොලිසිය අසල දී වස පානය කර තිබේ.

සැමියා සමග ජීවත්වීමට නොහැකි බව පවසා බිරිඳ අවස්ථා කිහිපයකදීපොලිස් ස්ථානය වෙත පැමිණිලි ඉදිරිපත් කර ඇත.

ඊයේ(29)ද නැවතත් ගැටුමක් ඇතිවී ඒ සම්බන්ධව පොලිස් ස්ථානයට පැමිණිලි කිරීමට බිරිඳ පැමිණි අවස්ථාවේදී පොලිසිය අසලට පැමිණි සැමියා මෙලෙස වස පානය කර තිබේ.

මෙහිදී වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් ප්‍රතිකාර සඳහා එම පුද්ගලයා ගම්පොල රෝහලට ඇතුළත් කර ඇත.

42.31%
17.27%
32.76%