November 27, 2024

තමාට වංචා කළ ස්වාමි පුරුෂයෙකුට බිරිඳක් ලබාදුන් අපූරු දඬුවමක් පිළිබඳ පුවතක් අමෙරිකාවේ නිව්‍ යෝර්ක් වෙතින් වාර්තා වේ.

එම කාන්තාව තම වංචාකාර ස්වාමිපුරුෂයාට එරෙහිව නැගීසිටියේ “මට අවුරුදු දෙකක සම්බන්ධයක් තිබුණා” යනුවෙන් සටහන් කරන ලද පුවරුවක් ඔහුගේ ගෙළෙහි පළන්දවා ප්‍රසිද්ධියේ ඇවිදීමට සැලැස්වීමෙනි.

එම පුද්ගලයා අදාළ පුවරුව පැළඳ නිව් යෝර්ක් නගරයේ Walt Whitman සාප්පු සංකීර්ණයේ ගමන් කරන අයුරු සහ ඔහුගේ බිරිඳ ද දරුවෙකු රැගත් ළදරු රඳවනයක් ද සමගින් ඒ අසලින් ගමන් කරන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන බව විදෙස් ජනමාධ්‍ය වාර්තා කර තිබේ.

එහිදී අදාළ පුද්ගලයා උදාසීන ලෙස ගමන් කරන අයුරු පෙනෙන්නට ඇති අතර කාන්තාව ළදරු රඳවනය තල්ලු කරමින් ගමන් කරයි.

කෝපයට පත්ව සිටින කාන්තාව තම රැවටිලිකාර ස්වාමිපුරුෂයාට හිරිහැර කරන ලෙස සාප්පු සංකීර්ණයේ ගමන් කරන අනෙක් පුද්ගලයටන් ද පවසමින් කෑ ගසා ඇතැයි ද සඳහන් වේ.

අදාළ පුද්ගලයාගේ ගෙළෙහි පළඳවා තිබූ පුවරුවේ “මට අවුරුදු දෙකක සම්බන්ධයක් තිබුණා. කොහොමද කියලා මගෙන් අහන්න.” යනුවෙන් ද සටහන් කර තිබී ඇත.

තම දෙවැන දරුවා ගැබ්ගෙන සිටියදී තම සැමියාට වසර දෙකක් පුරා අනියම් සම්බන්ධයක් පවත්වා ඇති බව එම කාන්තාව වීඩියෝව රූගත කරන පුද්ගලයා ඇතුළු පුද්ගලයන්ට පවසා ඇත.

බිරිදගේ ප්‍රකාශයේ සාක්ෂියක් ලෙස ළඳරු රඳවනයේ කුඩා දරුවෙකු ද සිට තිබේ.

වීඩියෝව රූගත කළේ කවදාද යන්න පැහැදිලි නොමැති නමුත් එය පුද්ගලයෙකු විසින් සිය X ගිණුමේ පළකළ දා සිට මිලියන 5 කට වඩා වැඩි නැරඹුම් සහ සිය ගණනක් අදහස් සමඟ හුවමාරු වී තිබේ.

එහිදී අදහස් දැක්වූ බොහෝ පිරිසක් අදාළ කාන්තාවගේ ක්‍රියාවට දොස්පවරා තිබේ.

42.31%
17.27%
32.76%