Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දැනට වෙළඳපොළේ හිඟව පවතින රතු සහල් සම්බන්ධයෙන් දේශපාලනික වශයෙන් කුමන අදහස් ඉදිරිපත් වුවද මෙම ගැටලුවට සාධක කිහිපයක් හේතු වී ඇති බව පෙනීගොස් තිබේ.
ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආහාරය වන්නේ බත්ය.
නාඩු, සම්බා සහ කීරි සම්බා යන ප්‍රභේද කැකුළු හෝ තම්බා ගත් සහල් ලෙස වර්ග දෙකකින් වෙළඳපොළේ තිබේ.
ආනයනික බාස්මතී පරිභෝජනය කරනු ලබන්නේ සීමිත පිරිසක් විසින් පමණි.
රතු සහල් සඳහා සංස්කෘතික වැදගත්කමක් ඇත.
එම සහල් වර්ගය උතුරු පළාතේ සහ දකුණු පළාතේ බහුලව පරිභෝජනය කෙරේ.
මේ වන විට වෙළඳපොළේ ප්‍රමාණවත් සහල් සැපයුමක් ඇත.
නමුත් රතු සහල් සහ සුදු කැකුළු හෝ නාඩු සහල් වෙළඳපොළේ සමහර ස්ථානවල ප්‍රමාණවත් ලෙස නොමැති බව වෙළඳපොල් නිරීක්ෂණයේ දී පෙනීයයි.
වෙළඳ ඇමැති වසන්ත සමරසිංහ පවසන්නේ රතු සහල් හිඟයට හේතුව පසුගිය රජය සමයේ මැතිවරණයට පෙර අඩු ආදායම්ලාභී පවුල් කිහිපයක් අතර නොමිලේ එම සහල් බෙදා හැරීම බවයි.
කෙසේවෙතත්, රතු සහල් වගා කරන ප්‍රධාන ප්‍රදේශයක් වන තිස්සමහාරාමයේ සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ඩබ්ලිව්.එච්. ගාමිණී පැවසුවේ පරිභෝජනය සඳහා ඇති ඉල්ලුම වැඩිවීම, වගා කරන භූමි ප්‍රමාණය අඩුවීම සහ සත්ව ආහාර සහ බියර් නිෂ්පාදනය සඳහා තොග භාවිතය වෙළඳපොළ අසමතුලිතතාවට හේතු වූ බවයි.
“මම අවුරුදු 25කට විතර කලින් තිස්සමහාරාමයේ මගේ ව්‍යාපාර කටයුතු ආරම්භ කරද්දී මට දවසකට රතු සහල් කිලෝ 25ක් තමයි විකුණන්න පුළුවන් වුණේ. සුදු සහල් කිලෝ 400-500ක් පමණ අලෙවි කරන්න පුළුවන් වුණා. අද ඒ තත්ත්වේ සම්පූර්ණයෙන්ම වෙනස්. සෞඛ්‍ය හේතු නිසා මිනිසුන් වැඩි වැඩියෙන් රතු සහල් පාවිච්චි කරනවා. දියවැඩියාව ඇති අයට රතු සහල් වඩා හොඳයි කියලා ඒ අය විශ්වාස කරනවා ”ඔහු පැවසීය.
මේ වන විට සමහර ප්‍රදේශවල අස්වැන්න නෙළා ගන්නා බැවින් සති කිහිපයක් ඇතුළත මෙම හිඟය මගහැරෙනු ඇතැයි ඔහු පැවසීය.
වෙළඳ අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියකු පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ රතු සහල් සඳහා ආදේශකයක් ආනයනය කළ නොහැකි බවයි.
වී වගාවට අයහපත් කාලගුණික තත්ත්වයන් ද බලපා තිබේ.
බෙංගාල බොක්කේ ඇති වූ අඩු පීඩන තත්ත්වය හේතුවෙන් කුඹුරු අක්කර 338,446ක් අහිමි වූ අතර ගොවීන් 137,880ක් පීඩාවට පත්ව ඇති බව ගොවිජන සංවර්ධන මණ්ඩලය පවසයි.
ශ්‍රී ලංකාවේ ගොවීන් මිලියන 2.5ක් පමණ සිටින අතර ඔවුන් වගා කන්න දෙකක නිරත වේ.
ලෝක බැංකුවේ 2021 දේශගුණික විපර්යාස වාර්තාවකට අනුව, දේශගුණික විපර්යාසවලට වඩාත් ගොදුරු විය හැකි රටවල් අතර ශ්‍රී ලංකාව ද සිටී.
මෙම දේශගුණික විපර්යාස වී වගා කරන ශ්‍රී ලාංකික ගොවීන්ට විශාල තර්ජනයක් වී තිබේ.
විශේෂයෙන්, වී වගාව දේශගුණික විපර්යාසවල අහිතකර බලපෑම්වලට බෙහෙවින් ගොදුරු වේ.
“සෙල්සියස් අංශක 2ට වඩා උෂ්ණත්වය ඉහළ යෑම සහල් නිෂ්පාදනයට ඍණාත්මක බලපෑමක් ඇති කරනු ඇත. සහල් නිෂ්පාදනයට උෂ්ණත්ව විචලනයේ බලපෑම වර්ෂාපතන විචල්යතාවයේ බලපෑමට වඩා වැඩි ය. උෂ්ණත්වය සෙල්සියස් අංශක 4ට වඩා වැඩි වුවහොත් එය සියයට 30ක බෝග පාඩුවක් ඇති කරයි. ”යනුවෙන් පර්යේෂණ වාර්තාවක් පෙන්වා දී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart