October 9, 2023

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ පවසන්නේ, පසුගියදා ජිනීවා වෙත ගිය සිය පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයේදී කතාකිරීමට තිබූ අවස්ථාව මග හැරුණු බවයි.

“සාමාන්‍යයෙන් ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කැමති කෙනකුට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයේදී කතාකිරීමට ලැබෙන්නේ විනාඩි එකහමාරක් පමණයි. සැසියේදී මගේ සගයා වූ හෙක්ටර් අප්පුහාමිට 45 වැනි ස්ථානය ලබාදුන් නමුත් දවස අවසානයේදී ඔහුට සැසිවාරයේදී කතාකිරීමට වෙලාවක් තිබුණේ නැහැ. නුදුරේදීම මේ කාරණය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට අපි අදහස් කරනවා” යැයි ඔහු පවසයි.

අප්පුහාමි මන්ත්‍රීවරයා විසින් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය ගැන ප්‍රශ්නයක් මතුකිරීමට නියමිතව තිබුණු බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

“කෙසේ වෙතත් ජිනීවාහි පැවැති වෙනත් සැසිවලදී අදහස් පලකිරීමට සජබ සමත් වූ අතර, සිය මතවාදයන් එක්සත් ජාතීන්ගේ නිලධාරීන්ට ලබාදීමට සමත් වූ බවද ඔහු ද පෙන්වාදෙයි.

මෙම සංචාරය වෙනුවෙන් සිය පෞද්ගලික මුදල් වැයකළ බවද නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා සඳහන් කරයි.

42.31%
17.27%
32.76%