Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මුලතිව් දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් ටී.සරවනරාජාගේ ඉල්ලා අස්වීමට අදාළ විමර්ශන වාර්තාවේ පිටපතක් සහ ඊට හේතු වූ කරුණු මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් වෙතින් ලැබෙන තෙක් ශ්‍රී ලංකා නීතීඥ සංගමය බලා සිටියි.
සරවනරාජාගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ පරීක්ෂණ මේ වන විට අවසන් වී ඇති බව තමන්ට දැනගන්නට ලැබුණු බව ‘ඩේලි මෝනිං’ වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති කෞෂල්‍ය නවරත්න පවසා ඇත.
“වාර්තාව අදාළ ආයතන විසින් සම්පාදනය කර ඇති බව දැනගන්නට ලැබෙනවා. එහි පිටපතක් අප වෙත ඉදිරිපත් කරන ලෙස අපි අලස් මහතාගෙන් ඉල්ලා තිබෙනවා. මෙම සතිය තුළ අපට එය ලැබෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. එවිට අපට එය පදනම් කරගෙන අවශ්‍ය පියවර ගත හැකිය.
2023 සැප්තැම්බරයේ අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත යොමුකරන ලද ලිපියක් මගින් ටී. සරවනරාජා දැමුණ දුන්නේ, තමා දැරූ සියලුම විනිසුරු තනතුරුවලින් ඉල්ලා අස්වන බවයි.
ඔහුගේ ජීවිතයට තර්ජන එල්ලවීම සහ ඔහු දැඩි මානසික පීඩනයකට ලක්ව සිටීම හේතුවෙන් එම තීරණය ගත බව අදාළ ලිපියේ කියවිණි.
සරවනරාජා ඉල්ලා අස්වී රටින් පිටව ගොස් ඇති බවත්, මුලතිව් කුරුන්දිමලේ විහාරයට (කුරුන්දි) අදාළ නඩුව හේතුවෙන් ඔහුට මරණීය තර්ජන එල්ල වී ඇති බවත් සමාජ මාධ්‍යවල සහ අන්තර්ජාල වේදිකාවල තොරතුරු වාර්තා විය.
ඔහු ඉල්ලා අස්වීමෙන් පසු මේ සම්බන්ධයෙන් කඩිනමින් සහ පුළුල් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපති ලේකම් සමන් ඒකනායකට නියෝග කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart